‍බොහෝ පිරිසක් දිර්ඝ කාලයක් පුරාවට Google Play Music සේවාව එදිනෙදා භාවිතා කර ඇති අතර Google සමාගම විසින් මෙම සේවාව නවත්වා දමා, ඒ වෙනුවට YouTube Music සේවාව පවත්වාගෙන යෑමට කටයුතු කරනු ලබන බව මේ වන විට ඔබ දන්නවා ඇති.

2018 වර්ෂයේදී YouTube Music මූලිකව හඳුන්වාදීමට කටයුතු කළ අතර එය Google Play Music සමඟ සමාන්තරව පවත්වාගෙන ඒමට Google සමාගම කටයුතු කළ නමුත් ක්‍රමයෙන් Play Music සේවාවට updates ලබාදීම නවත්වා දමා, YouTube Music සේවාව දියුණු කිරීමටත්, ඒ වෙත මාරු වීම සඳහා අවශ්‍යය වන transfer tool එකක් ද හඳුන්වාදීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.

Google Play Music වල ඇති ගීත YouTube Music වලට සෘජුවම Transfer කිරිමට හැකියාව ලබා දෙයි
Google Play Music service එක මේ වසර අවසානය වන විට නවතා දැමිමට සුදානම් වන බැවින්Google සමාගමේ අවධානය යොමු වී ඇත්තේ Google Play Music පරිශීලකයින් හට YouTubeMusic වෙත මාරු වීමේ හැකියාව පහසු කරවීම හරහා ඒ වෙත ආකර්ෂණය කර ගැනීමටයි. මේ අනුව Google Play Music වල ඔබගේ ඇති music library එක ඒ ආකාරයෙන්ම YouTu…

‍Google Play Music වල ඇති ගීත YouTube Music වලට සෘජුවම Transfer කිරිමට හැකියාව ලබා දිමෙන් Google සමාගම අරමුණු කරගෙන ඇත්තේ Google Play Music සේවාව නවතා දමා YouTube Music සේවාව වෙත ඔවුන්ගේ පරිශීලකයින් යොමු කිරීමයි.

මේ පිළිබඳ නිළ YouTube blog සටහනට අනුව Google Play Music නවතා දැමිමේ අවසන් අදියර ඉතාමත් ඉක්මණින් සිදුවනු ඇති බවත්, සැප්තැම්බර් මාසයේ සිට නවසීලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ ද, ඔක්තෝබර් මාසය වන විට ලොව පුරාම පරිශීලකයන් හට ද තවදුරටත් Play Music සේවාව භාවිතා කිරීමට හැකියාව නොලැබෙනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙමඟින් අදහස් කරන්නේ ඔක්තෝබර් මාසයෙන් පසු ඔබට කිසිසේත් Play Music සේවාව භාවිතා කිරීමට අවස්ථාව උදා නොවන බව වන අතර දෙසැම්බර් මාසය දක්වා සියලු uploads, playlists සහ purchases සියල්ලම YouTube Music සේවාවට transfer කිරීමට හෝ podcasts තිබේ නම් ඒවා Google Podcasts වෙත transfer කිරීමට හැකියාව ලබාදෙනු ලබනවා.

මීට අමතරව ඔබ මිලදී ගත් සහ upload කළ සියලුම content download කරගැනීම සඳහා Google Takeout පහසුකම භාවිතා කළ හැකි අතර, ඔබගේ Play Music account එකෙහි ඇති content අහිමි වීමට පෙර Google සමාගම විසින් ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ඇත.

කොහොම නමුත් Wear OS භාවිතා කරන්නන් හට මීළඟ සති කිහිපය ඇතුලත මේ Google Play Music app එක download කරගැනීමේ හැකියාව අහිමි වී යනු ඇති අතර, එතැන් පටන් YouTube Music වල Wear OS වලට සහාය දක්වන app එකක් ‍ලබාදෙන තෙක් Google Play Music app එක වෙනුවට භාවිතා කළ හැකි app එකක් නොමැති බව Google Community Manager කෙනෙකු වන Zak P පෙන්වාදෙනවා.

Google සමාගම විසින් සියළුම Google Play Music පරිශීලකයින් හට අපහසුතාවයක් නොවන සේ YouTube Music වලට මාරු වීමේ හැකියාව ලබාදෙනු ලබන බව ප්‍රකාශ කරනු ලැබුවත්, Wear OS පරිශීලකයින් හට මෙහිදී අසාධාරණයක් සිදු වන බව XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Android Police වෙබ් අඩවිය සහ නිළ YouTube blog අඩවිය භාවිතා කළ හැක