Hisilicon යනු Huawei සමාගමට අනුබද්ධ chip නිෂ්පාදන සමාගමක් වන අතර Huawei උපාංග සදහා බොහෝ විට භාවිතා කරනු ලබන Kirin chipset නිෂ්පාදනය කරනු ලබන්නේ මෙම Hisilicon සමාගම හරහා යි.

ඔවුන් විසින් මේ වන විට නිෂ්පාදනය කිරීමට සූදානම් වන Kirin 1020 5mm chipset එකෙහි පිරිවැය බොහෝ දුරට Apple A14 Bionic chipset එකේ නිෂ්පාදන පිරිවැය ඉක්මවා යනු ඇති බව Weibo Tipster කෙනෙකු විසින් හෙළිදරව් කර තිබෙනවා.

Apple සමාගමේ A14 chipset එකට වඩා මෙහි නිෂ්පාදන පිරිවැය ඉහළ ගියද කාර්යක්ෂමතාව අතින් එය Apple A14 chipset එක ඉක්මවා යනු ඇතිද යන්න පිළිබඳව තවමත් තහවුරු කළ හැකි තොරතුරක් වාර්ථා නොවන අතර Qualcomm සමාගම විසින් නිකුත් කිරීමට නියමිත Snapdragon 875 5nm chipset එකෙහිද මිල ඉහළ යාමක් පිළිබඳව පසුගිය කාලයේ කතාබහට ලක් වුණා ඔබට මතක ඇති.

Apple සමාගම විසින් සෑම විටම GPU Performance සඳහා වැඩි සැළකිල්ලක් දක්වන බැවින් Apple උපාංග සෑම විටම ඒ හා සමාන Android උපාංග වලට වඩා 50% කටත් වඩා වැඩි Graphic Performance එකක් ලබාදීමට සමත් වෙනු ලබනවා.

Kirin 1020 5nm chipset එක සඳහා ARM A78 architecture එක භාවිතා කිරීමට නියමිත අතර Apple A13 Bionic chipset එකෙහි performance එක ඉක්මවා යනු ඇති බව අනුමාන කලද එය A14 chipset එක තරම් ප්‍රායෝගිකව performance එකක් ලබා නොදෙනු ඇති බව බොහෝ විශ්ලේෂකයන් මත පල කරනු ලබනවා.

කෙසේ වුවත්, Huawei සමාගමෙහි මෙම නවතම Kirin 1020 5nm chipset වල පිරිවැය ඉහළ යාමත් අනාගතයේදී ඒ සමග නිකුත්වන Huawei ජංගම දුරකථන, විශේෂයෙන්ම Huawei Mate 40 ජංගම දුරකථන වල මිල ඉහළ යාමට ඉඩ තිබෙන බවද මේ වනවිට වාර්තා වෙනවා.

මේ වනවිට ලොව ප්‍රමුඛ පෙළේ chipset නිශ්පාදකයින් වන Qualcomm/TSMC වැනි සමාගම් 5nm chipset නිශ්පාදනය ආරම්භ කර ඇති අතර Samsung සමාගමද 5nm chipset නිශ්පාදනය ආරම්භ කිරීමෙන් ඔබ්බට ගොස් 4nm chipset සඳහා පරීක්ෂණ සහ අත්හදාබැලීම් කටයුතු ද ආරම්භ කර ඇති බව පසුගිය දිනෙක වාර්තා වුණා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා NotebookCheck වෙබ් අඩවිය සහ Gizchina වෙබ් අඩවිය භාවිතා කළ හැක.