මෙම මස මුලදී Pixel 4a ජංගම දුරකථනය එළිදක්වනු ලැබූ අවස්ථාවේදී ගූගල් සමාගම සදහන් කර සිටියේ 2020 වසර අවසන්වීමට පෙර නවතම 5G තාක්ෂණයෙන් යුත් Pixel ජංගම දුරකතන දෙකක් දියත් කරන බවයි.

මේ අනුව Google Pixel 4a 5G සහ Google Pixel 5 5G යන දුරකතනයන් ද්විත්වය මෙසේ නිකුත් කිරීමට සූදානමින් සිටින නමුත් ගූගල් සමාගම ඒ සදහා නිශ්චිත දිනයක් දක්වා නොතිබුණි.
කෙසේ වුවත් Jon Prosser, Twitter පණිවිඩයකින් දන්වා සිටියේ එම දුරකතනයන් ද්විත්වයම සැප්තැම්බර් මස 30 වන දින නිකුත් කරන බවයි. ඔහු පවසන ආකාරයට සැප්තැම්බර් මස Pixel 5 දුරකතනය කළු සහ කොළ යන වර්ණයන්ගෙන් පැමිණෙන අතර Pixel 4a 5G දුරකතනය කළු පැහැයෙන් පමණක් ලබාගත හැකි වනු ඇත. එමෙන්ම පසුව Pixel 4a 5G හි සුදු පැහැති සංස්කරණයක් ඔක්තෝබර් මාසයේදී නිකුත් කරයි.
What we see in the system is
— Jon Prosser (@jon_prosser) August 19, 2020
Pixel 5 5G (black and green)
Pixel 4a 5G (black)
- September 30
Pixel 4a 5G (white)
- October
Pixel 4a 5G දුරකතනය Qualcomm Snapdragon 765G chipset එකකින් සහ පසුපස කැමරා දෙකකින් සමන්විත වනු ඇති අතර එය U.S $499ක ආරම්භක මුදලකට මිලදීගත හැකි වනු ඇත.
Pixel 5 දුරකතනය chipset එකෙන් සහ කැමරා පද්ධතියෙන් Pixel 4a 5G දුරකතනයට සමාන වනු ඇති අතර, Pixel 5 දුරකතනය උසස් පෙනුම, කැමරා සංවේදක වල ගුණාත්මක බව, water resistance පහසුකම සහ තවත් දෑ සමග U.S. $699 වැනි මුදලකට ලබාගත හැකි වනු ඇති බව විචාරකයන් පවසයි.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Android Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.