මීට වසරකට පමණ පෙර Google සමාගම විසින් Pixel devices වල Google Phone app එක සඳහා call record කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කළ අතර ඊට ටික කලකට පසුව, Nokia devices කිහිපයක් සහ Xiaomi devices කිහිපයක් සඳහාද මෙම විශේෂාංගය ලබාදීමට Google සමාගම කටයුතු කරනු ලැබුවා.

Google Phone app එකෙහි call recording පහසුකම Xiaomi දුරකථන කිහිපයක් සඳහා ද ලබාදීමට කටයුතු කරයි
Google සමාගම විසින් කලක සි‍ට Google Phone app එක සඳහා call recording පහසුකමවැඩිදියුණු කරමින් සිටින අතර මේ වසරේ සිට මෙම අංගය සම්පුර්ණයෙන් සක්‍රිය කර ගැනීමටද[https://www.xda-developers.com/google-phone-app-call-recording-hands-on/] ඇතැම්පරීශීලකයන් හට අවස්ථාව ලැබී තිබුණා‍. Google Pixel දුරකථන මාලාව…

මේ වනවිට, Google phone app එක සඳහා නොදන්නා අංක වලින් පැමිණෙන calls ස්වයංක්‍රීයව record කිරීමේ හැකියාව ලබාදීමට Google සමාගම කටයුතු කරමින් සිටින බවට වාර්තා වන අතර Google Phone app එකෙහි නවතම update එක වන version 59 එකෙහි teardown එකක් මගින් මෙම විශේෂාංගය ඉස්මතු කරන නව code strings කිහිපයක් අනාවරණය කරගැනීමට XDA-Developers වෙබ් අඩවියට හැකියාව ලැබී තිබෙනවා.

<string name="non_contact_always_record_dialog_message">"You or the other person in your call might be somewhere that requires everyone to consent to being recorded. Everyone will be notified ahead of time that the call is being recorded. It's up to you to follow laws about recording conversations. Recordings are stored only on your phone."</string>
<string name="non_contact_always_record_dialog_title">Always record calls with numbers not in your contacts?</string>
<string name="non_contact_always_record_negative_button_label">Cancel</string>
<string name="non_contact_always_record_positive_button_label">Always record</string>
<string name="non_contact_toggle_key">non_contact_toggle_key</string>
<string name="non_contact_toggle_label">Numbers not in your contacts</string>

මෙලෙස අනාවරණය කරගත් පළමු string එකෙහි සඳහන් වන ආකාරයට, record කරනු ලබන සෑම call එකකදීම ඒ පිළිබඳව ඔබත් සමඟ ඇමතුමේ සිටින අනෙක් පුද්ගලයාව දැනුවත් කෙරෙන අතර මෙම call recoding පහසුකම භාවිත කිරීමට නම් මුලින්ම ඇමතුම් පටිගත වීමට ඉඩ දීමට එකඟ විය යුතු වෙනවා.

එමෙන්ම, මෙලෙස record කරන සියලුම recordings ඔබගේ phone එකේ පමණක් ගබඩා කරන බවද සඳහන් වෙනවා.

මෙලෙස අනාවරණය කරගත් අනෙකුත් strings මඟින් ස්වයංක්‍රීය call recording options දෙකක් පිළිබඳව සනාථ කරන අතර එකක් “Always record” සහ අනෙක “Cancel” යනුවෙන් සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, මෙම විශේෂාංගය පිළිබඳව Google සමාගම විසින් තවමත් නිළ වශයෙන් තහවුරු කර නොමැති අතර මෙම විශේෂාංගය app teardown එකක් හරහා අනාවරණය කරගත් විශේෂාංගයක් පමණක් වන බව මතක තබාගත යුතු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ GSMArena වෙබ් අඩවිය භාවිතා කළ හැක.