පසුගිය අප්‍රේල් මාසයේදී Google Maps සේවාවට incident reporting පහසුකම එහි පරිශීලකයන් හට ලබා දීමට Google සමාගම කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන්, Google සමාගම විසින් ඔවුන්ගේ Google Maps app එකට speedometer එකක් එකතු කිරීමට කටයුතු කර තිබෙන බව ‍මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මේ අලුත් පහසුකම හරහා ඔබ Google Maps Navigation පහසුකම භාවිතා කරන විට අදාල මාර්ගයේ වේග සීමාව ඉක්මවා ගොස් ඒ වෙනුවෙන් දඩ මුදල් ගෙවීමට සිදු වීමේ අවස්ථා අවම කරගැනීමට හැකියාව ලබාදෙන අතර මෙය Google Maps වල Settings හරහා ගොස් එහි තිබෙන Navigation Settings වලට අලුත් option එකක් ලෙස එකතු කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව සෑම අවස්ථාවකදීම screen එකේ වම් පැත්තේ පහලින් ඔබ දැනට ගමන් කරන වේගය හා මාර්ගයේ වේග සීමාව පෙන්නුම් කරනු ලබන අතර අදාල මාර්ගයේ වේග සීමාව ඉක්මන වේගයකින් ඔබ ගමන් කරන්නේ නම්, Google Maps හරහා ඒ පිළිබඳව alert එකක් මගින් ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබනවා.

මේ පහසුකම පිළිබඳව Google සමාගම විසින් නිළ වශයෙන් නිවේදනයක් තවමත් නිකුත් කර නොමැති අතර තවමත් මේ පහසුකම Google Maps භාවිතා කරන සියළුම පරිශීලකයන් හට නිකුත් කිරීමට ද ඔවුන් කටයුතු කර නොමැති බවක් දැකගන්නට ලැබෙනවා.

කොහොම නමුත් Argentina, Australia, Belgium, Brazil, Canada, Czech Republic, Finland, Germany, India, Netherlands, Poland, Portugal, Sweden, Taiwan, the UK, සහ US යන රටවල් වල සිටින Google Maps පරිශීලකයන් බොහෝ දෙනෙකුට මේ පහසුකම දැනටමත් ලැබී ඇති බව වාර්ථා වන අතර අනෙකුත් රටවල් වලටද ඉදිරියේදී මෙය ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.