බොහෝ වෙලාවට අපිට photo එකකින් background එක remove කරගන්න වුවමනා වුණු විට Photoshop වගේ tools එකක් භාවිතා කරලා ඉතාමත් අපහසුවෙන් අදාල object එක select කරලා ඉවත් කරන්නට කටයුතු කරන එක තමයි අපිට පුරුදු විදිහ.

නමුත් ඔන්න දැන්, කෘතීම බුද්ධිය භාවිතා කරමින් මේ කාර්යය සිදු කරගත හැකි වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙන අතර මෙම වෙබ් අඩවිය හරහා කරගතහැකි එකම කාර්යය වන්නේ photo එකක් තුල ඇති මිනිසුන් background එකෙන් වෙන් කර නැවතත් image එකක් ආකාරයට save කරගැනීමයි.

මෙය Remove.bg ලෙස හැඳින්වෙන අතර පෞද්ගලිකව මමත් photos කිහිපයක් upload කර මෙය අත්හදා බැලීමට කටයුතු කළ අතර Photoshop භාවිතා කර background එක ඉවත් කිරීමට සිතාගැනීමට පවා නොහැකි ඡායාරූප වල background එක සැනෙකින් ඉවත් කරදීමට මේ සේවාවට හැකියාව තිබෙනවා.

කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිදු කළ හැකි දේවල් අතරට කදිම නිදසුනක් ගෙන ඒමට මේ වෙබ් අඩවිය සමත් වන අතර, ඔයත් කැමති නම් මේ සේවාව භාවිතා කරන්න, දැන්ම Remove.bg වෙබ් අඩවියට ගිහින් ඔයා කැමති ඡයාරූපයක් upload කරන්න.

කොහොම නමුත් මෙම සේවාව තවමත් සර්ව සම්පූර්ණ සේවාවක් නොවන අතර ඇතැම් ඡායාරූප වල සිටින පුද්ගලයන් හඳුනාගැනීමේදී දෝෂ සහගත බවක් පෙන්නුම් කරන බවත් දැනගන්නට ලැබෙන නමුත්, මෙය කෘතීම බුද්ධිය මත පදනම් වන සේවාවක් බැවින් කාළය හා භාවිතා කරනු ලබන පිරිස අනුව මෙය වැඩිදියුණු වනු ඇත.

මීට අමතරව app develop කරන්නන් සඳහා API එකක් ද නිර්මාණය කිරීමට ඔවුන් මේ වන විට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබෙන අතර එය නිර්මාණය කළ පසු, ලොව පුරා app develop කරන්නන් හට මේ පහසුකම භාවිතා කරමින් තවත් නිර්මාණාත්මක apps එළිදැක්වීමට හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා නිළ Remove.bg වෙබ් අඩවිය භාවිතා කළ හැක.