Google එක ඔන්න 2018 අවුරුද්දේ එයාලාගේ Google I/O 2018 එක අළුත් අළුත් news ගොඩක් එක්ක පසුගිය මැයි 8 වෙනිදා පවත්වන්න කටයුතු කළා. ඔයාලට මතක ඇති මම මේක පවත්වන්න කළින් Google I/O එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් ගැන කතා කළා. අපි බළමු මොනවද ඇත්තටම මේ පාර Google ලා අළුතින් announce කලේ කියලා.

Google සමාගමේ CEO එහෙමත් නැත්තම් ප්‍රධාන විධායක නිළධාරියා Sundar Pichai කියන දෙයක් තමයි, අපි tech industry එක තුළ නිර්මාණය කරන දේවල් නිර්මාණය කරනවා වගේම ඒවාගෙන් එන results පිළිබඳව වගකීම දරන්න බැඳිලා ඉන්න ඕන කියන එක. එතන ඉඳන් දිගටම ඔන්න අළුත් අළුත් දේවල් ගොඩක් ඉදිරිපත් කරන්න පටන් ගත්තා. අළුත් Android update එක ගැන, Google Assistant ගේ අළුත් voices ගැන වගේම සම්පූර්ණයෙන්ම වගේ තනියම email එකක් ලියන්න පුළුවන් හැකියාවක් තියන Gmail ගැනත් අපිට අහන්න දකින්න ලැබුණා. මේ පාර I/O එකේ ගොඩක්ම දේවල් වලට පාදක වෙලා තිබුණේ මේ AI, එහෙමත් නැත්තම් කෘතීම බුද්ධිය කියන එකයි.

Android P

Android P ගැන විශේෂ ලිපියක් මීට කළිනුත් අපි ඔයාල වෙනුවෙන් අරගෙන ආවා මතක ඇති. ඒ ගැන සංක්ෂිප්ත විදිහට කියනවා නම්, ඔන්න මෙච්චර කල් අපි බාවිතා කරපු navigation bar එකේ තිබුණු buttons 3 වෙනුවට අළුත් dashboard එකක් හඳුන්වලා දීලා තියනවා. ඒ වගේම මුළු operating system එක පුරාවටම පෙනුම ගැන විශේෂ සැළකිල්ලක් දක්වලා තියනවා. පොඩි පොඩි වෙනස්කම් ගොඩාක් එකතු කරලා වගේම අපිට දැක්කම ආස හිතෙන තත්ත්වයකට ගේන්න මෙයාලා කටයුතු කරලා තියනවා. මතකද කටකතාවක් තිබුණා Android වලට iPhone X එකේ guestures ටික එනවා කියලා, ඔන්න ඒක ඇත්ත වුණා මේ Android P එකත් එක්ක.

මම අර කළින් සඳහන් කරපු dashboard එක ගත්තොත්, අපිට ඒකෙන් බලන්න පුළුවන් අපි කොහොමද අපේ phone එක බාවිතා කරන්නේ කියලා. ඒ කියන්නේ මොන apps ද වැඩිපුර බාවිතා කරන්නේ, කොයි තරම් වෙලාවක් බාවිතා කරනවාද, කී පාරක් ඔයා phone එක unlock කරලා තියනවාද, notifications කීයක් ආවද වගේ තොරතුරු මේකේ ඇතුලත් වෙනවා. ඒ වගේම අපිට පුළුවන් app එකෙන් app එකට බාවිතා කරන්න ඕන time limit එකක් ලබා දෙන්නත්.

Android P එක තාමත් තියෙන්නේ beta testing කියන තත්ත්වයේ. එන ජුනි - අගෝස්තු අතර කාලසීමාවේ මේකේ stable release එකක් නිකුත් වේවි.

New Google Assistant voices

ඔන්න Google Assistant ට අළුතින් කටහඬවල් 6ක් ම එකතු වෙලා තියනවා. මේ හැම එකක්ම natural, එහෙමත් නැත්තම් ස්වාභාවික කටහඬක් වගේ දැනෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම Google එකෙන් කියලා තියනවා ප්‍රසිද්ධ ගායකයෙකු වන John Legend ගේ කටහඬත් මේ අතරට එකතු වෙනවා කියලා.

Google Duplex

Google I/O එකේ keynote එක බැළුවා නම් ඔයා දැනටමත් දකින්න ඇති මේ Google Duplex කියන්නේ මොකක්ද කියලා. මේ Google duplex කියන්නේ සරළව කිවොත් Google Assistant වල අළුතින් එන ස්වාභාවික විදිහට කතා කරන්න සහ තේරුම් ගන්න පුළුවන් හැකියාවට. මේ ගැන හොඳටම තේරුම් ගන්න පුළුවන් පහලින් දීලා තියන video එක බැළුවම.

තවදුරටත් කෘතීම බුද්ධියක් විසින් කතා කරනකොට robotic කටහඬක් නැතුව අපි සාමාන්‍යයෙන් කතා කරන විදිහටම කතා කරන්න පුළුවන් බව මේක බැලුවම ඔයාටත් තේරෙනවා ඇති.

Google Assistant සමඟින් එන Smart Displays

Google එකෙන් මේ Smart Displays ගැනත් announce කරලා තියනවා. මේක නිකන්ම නිකන් smart display ගැන නෙමෙයි, Google Assistant integrate වෙලා තියන smart displays ගැන තමයි මෙයාලා කියනා තියෙන්නේ.

ඒ වගේම මේ Google Assistant ඉන්න Smart Displays මේ එන ජූලි වෙනකොට වෙළඳපොලට නිකුත් කරන්නත් එයාලා සැලසුම් කරලා තියනවා.

Gmail එකට දැන් තනියම පුළුවන් ඔයා වෙනුවෙන් Email එකක් draft කරන්න

මේ Smart Reply එක ගැන අපි Gmail වල අළුත් පෙනුම කියන article එකෙනුත් කතා කළා මතක ඇති. Gmail වල තියන මේ Smart Reply එක දැන් තවත් පිම්මක් ඉස්සරහට ඇවිත්, ඒකට පුළුවන් කෘතීම බුද්ධිය (AI) භාවිතා කරලා ඔයා type කරගෙන යන text එකට suggestions, එහෙමත් නැත්තම් යෝජනා එකතු කරන්න.

Smart Reply

ඒ වගේම Smart Compose කියන feature එකට පුළුවන් ඔයා නැතුවම ඔයා වෙනුවෙන් email එකක් draft කරන්න. මේ feature එකත් ඉදිරි සති කිහිපය තුල Gmail වලට එකතු වේවි.

Google Maps තවදුරටත් සමාජශීලී වෙයි

Google Maps service එකත් ඔන්න තවත් දියුණු වෙලා For You කියලා tab එකක් හඳුන්වලා දීලා තියනවා. මේකෙන් ඔයා ඉන්න ප්‍රදේශයට අදාල, ඒ වගේම ඒ ලඟපාත ඉන්න අනිත් අය අතර ජනප්‍රිය restaurants සහ business ඔයාට පෙන්නනවා. මීට අමතරව ඒ යාළුවොන්ගෙන් real time ම අදහස් ගන්නත් පුළුවන් ඔයා තැනක් තෝරගනිද්දී.

Google Maps

Augmented Reality සහ Directions

Google Maps වලට දැන් පුළුවන් AR භාවිතා කරලා ඔයාට යන්න ඕන තැන හරියටම පෙන්නන්න. ඒ කියන්නේ ඔයාට තියෙන්නේ phone එකේ camera එක දිහා බලාගෙන අදාල ස්ථානයට යන්නයි. මේ සඳහා Google Street View වල data තමයි මෙයාලා භාවිතා කරන්නේ.

Google Photos සහ Editor එක

Google Photos එක දැනටමත් ඔයාලා ගොඩ දෙනෙක් භාවිතා කරනවත් ඇති. ඒ වගේම ඒකේ editor එකත් ගොඩක් දුරට හොඳ තත්ත්වයේ තිබුණු editor එකක්. ඔන්න දැන් ඒ editor එක තවත් දියුණු වෙලා තියනවා.

මේ editor එකට පුළුවන් දැන් background එකෙන් subject එක එහෙමත් නැත්තම් අපි photo එකෙන් ඉස්මතු කරන්න උත්සාහ කරන කොටස අඳුරගන්න. ඒ වගේම ඒ කොටස ඉතුරු කරලා background එක කළු-සුදු කරන්නත් ඒකට පුළුවන්.

ඔන්න තවදුරටත් studio ගානේ ගිහින් රස්තියාදු වෙන්න ඕනි නෑ මේ Google Photos එකට පුළුවන් ඔයාගේ පරණ කළු-සුදු photos color කරලා දෙන්න වුණත්. ඔය කියපු features දෙකම වැඩ කරන්නේ AI වල සහයෝගයෙන්.

ඒ වගේම ඔයා photos බලන අතරතුර, මොනවහරි photo එකක brightness එහෙම adjust කරන්න තියනවා නම්, ඒවා තෝරලා දෙන්නත් මේ Google Photos එකට පුළුවන්.

Google News

Google News කියන්නේ අපේ phone එකේ pre-installed වෙලා තිබ්බත් බොහොම කළාතුරකින් කෙනෙක් තමයි ඒක භාවිතා කරන්නේ. නමුත් ඔන්න දැන් ඒක වැඩිදියුණු කරලා Google එක ලෑස්ති වෙනවා AI භාවිතා කරලා web එක පුරාම තියන news එකතු කරලා ඒවායින් storylines හදන්න. ඒ කියන්නේ articles, images, videos ඔක්කෝම එකම තැනකදී බලාගන්න පුළුවන් විදිහේ දෙයක්.

Google Lens

ඔන්න Google Lens එකට දැනු පුළුවන් real world එකේ තියන text එකක් ඔයාගේ phone එකෙන් select කරන්න. ඒ කියන්නේ ඔයා කොහේ හරි තියන text එකක් ඔයාගේ phone එකේ camera එක මගින් scan කරන ගමන්ම, ඒ පෙන්නන preview එකෙන් text එක select කරන්න. මේකෙන් ඔයාට පුළුවන් කොහේ හරි ලියලා තියන Wi-Fi password එකක් වගේ දෙයක් අතින් type නොකර select කරලා copy කරගන්න.

Google Lens

ඒ වගේම හිතන්න ඔයා මොනවාහරි fashionable දේවල් ටිකක් ගන්න shop එකකට යනවා කියලා. මේ Google Lens එකට පුළුවන් ඔයා තෝරගන්න දේවල් අඳුරගෙන online search කරලා ඒ ගැන විස්තර හොයලා දෙන්නත්.

ඔන්න ඔය වගේ දේවල් තමයි ප්‍රධාන වශයෙන්ම මේ පාර Google I/O එකේදී කතා වුනේ. ඒ වගේම අපි මේ සඳහන් කරපු ප්‍රධාන දේවල් වලට අමතරව තවත් ගොඩාක් දේවල් එකෙදි ඉදිරිපත් කළා. මේ දේවල් ගැන තවදුරටත් දැනගන්න ඕන නම් ඔයාට පුළුවන් Google I/O 2018 කියලා Google කරන්න.