ඔයා technology ගැන Interested නම් අනිවාර්යයෙන්ම Google I/O එක ගැන දන්නවා ඇති. තව දවස් දෙකකින්, ඒ කියන්නේ මැයි 8 වෙනිදා පටන් ගන්න මේ Google I/O එකට යන්න tickets නැති අය Google I/O Extended event එකට යන්නත් දැන් ලෑස්ති වෙලා ඇති. ඒ වගේම මේ පාර Google එකෙන් මොන වගේ දේවල් ගැන අවධානයක් දෙයි ද කියන ප්‍රශ්ණයත් මේ හැම දෙයක්ම අස්සේ ඔයාගේ ඔළුවේ ඇති.

Google වගේ විශාල company එකකට, එයාලාගේ වාර්ශික developer conference එක කියන්නේ ගොඩාක් වටින දෙයක්. නිතරම වගේ මෙයාලා අපිව අන්දමන්ද වෙලා යන විදිහේ services ටිකක් ඉදිරිපත් කලත්, අවුරුදු ගානක් තිස්සේ Google I/O එක දිහා බැළුවම, අපිට ඒකේ රටාවක් අඳුරගන්න පුළුවන්. ඒ රටාව අනුව අපිට පුළුවන් එයාලා මේ පාර වැඩිපුර අවධානයක් යොමු කරයි කියලා හිතෙන දේවල් අනුමාන කරන්න. අපි බලමු මොන වගේ දෙවල් වලට එයාලා මේ පාර වැඩි අවධානයක් යොමු කරයි ද කියලා.

අපි අනිවාර්යයෙන්ම දන්නවා එයාලා මේ event එකේදී එයාලා Android සහ artificial intelligence වල තත්ත්වය ගැන කතා කරනවා කියලා. ඒ වගේම එයාලාගේ Wear OS එක, Google Assistant ගැන, Android TV ගැන, Google Home ගැන, Google Play එක ගැන සහ Search එක ගැනත් ඒවායේ පසුගිය අවුරුද්ද තුල ඇති වෙච්ච වෙනස්කම්, researches සහ improvements ගැනත් අනිවාර්යයෙන්ම කතා කරාවි. ඒ වගේම Amazon Apple, Facebook සහ Microsoft වගේ මේ ක්ෂේත්‍රයේ ඉහලින් ඉන්න අනිත් අයගේ technologies වලට වඩා Google ලා ගේ softwares smart වෙන්නේ කොහොමද කියන එක ගැනත් කතා කරාවි.

Android P

Google I/O එකේ අනිවාර්යය අංගයක් තමයි එයාලාගේ Mobile OS එකේ අළුත්ම version එක එළිදක්වන එක. ගිය අවුරුද්දේ Android Oreo වගේම, මේ අවුරුද්දේ Android P ගැන තමයි එළිදක්වන්න නියමිත වෙලා තියෙන්නේ.

Android P

Android P වල developer preview එකක් දැනටමත් අපිට ලැබිලා තියනවා. ඒකේ හැටියට නම් ඉතින් full-screen phone වල display එකේ උඩින් එන notch එකට ඉඩ හදලා දෙන එකත්, users ලාට තමන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ වැඩිපුර settings ටිකක් ලබා දීමත්, menu, docks, සහ setting screens ඇතුළුව system එක පුරාවටම පැතිරෙන විදිහට design එක improve කරන්නත් තමයි එයාලා කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම තවත් ආරංචියක් තියනවා එයාලා iPhone X එකේ guestures Android වලට ඇතුලත් කරන්න යනවා කියලත්. අපිට මේ ගැන හරියටම දැනගන්න පුළුවන් එන අඟහරුවාදාට release කරන්න නියමිත Android P වල දෙවෙනි developer preview එකත් එක්ක.

Artificial Intelligence

Android වලින් ටිකක් එහාට බැළුවොත්, I/O එකේ එන තවත් ප්‍රධාන දෙයක් තමයි AI කියන්නේ. අපි අවට ලෝකය, වටේ තියන දේවල් සහ අපේ භාශාව අඳුරගන්න පුළුවන් මේ AI මීළඟට එන හැම Google product එකක්ම වගේ improve කරන්න හේතු වෙනවා. අපිට දැනටම පේන විදිහට ඒක දැනටමත් පටන් අරන් ඉවරයි. Google Assistant, Google Translate වගේම objects අඳුරගන්න පුළුවන් Google Lens කියන්නේ මේ වගේ අපි එදිනෙදා බාවිතා කරන AI prodcuts කිහිපයක්. මීට අමතරව මේ Google AI technologies සුප්‍රසිද්ධ DeepMind project එකට වගේම Waymo කියන self-driving car unit එක දක්වාත් විහිදිලා යනවා.

Google Lens

ඒ වගේම Google ලා ගේ TensorFlow platform එක ගැනත් Tensor Processing Unit chips ගැනත් මේ පාර වැඩි අවධානයක් දක්වන්න ඉඩ තියනවා. Google එකේ මේ neural networks train කරන්න දරණ වෑයමට ලොකු support එකක් දෙන එයාලගේ AI training systems නිර්මාණය කරලා තියෙන්නෙත් මේ chip වලින්ම තමයි.

Google Assistant සහ Google Home

මේ Google Assistant එකට සහ Google Home කියන device එකට මේ පාර I/O එකේ ලොකු තැනක් ලැබෙයි කියලා හිතන්න පුළුවන්. මොකද Google Home කියන්නේ Amazon Alexa, Apple Siri සහ Microsoft ලා ගේ Cortana ට තියන ලොකුම challenge එක. Smart devices ඕනිම ප්‍රමාණයක් එක්ක මේකට වැඩ කරන්න පුළුවන් නිසා ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

ඒ වගේම Google Assistant සහ Google Home එක තවත් හොඳින් සම්බන්ධ කිරීමක් සහ අළුත් features කිහිපයක් ගැනත් අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. නමුත් Google devices පිළිබඳව announcements නම් බොහෝ දුරට Pixel event එක වෙනුවෙන් තියාගන්න බවක් තමයි පේන්න තියෙන්නේ. ඒක නිසා අපිට ඒ ගැන නම් මොනවත් බළාපොරොත්තු වෙන්න බැහැ.

Google Photos, Google News සහ Google Play

මේ apps කිහිපය ඒ තරම් exciting නැතත්, හැම Google I/O event එකකදිම මේවා ගැන සඳහනක් තියනවාමයි. විශේෂයෙන්ම Google Lens වල එන AI features ගොඩක්ම වගේ හැදිලා තියෙන්නේ Google Photos පාදක කරගෙනයි. ඒ වගේම Google Photos වල automatically generate වෙන montages, GIFs සහ වෙනත් video content වගේ දේවල් improve වෙන විදිහත් අපිට බලාගන්න පුළුවන් වේවි.

Google News platform එකත් mobile එකේ සහ desktop එකෙත් revamp කරන බවට ගිය සතියේ AdAge එකේ සඳහන් කරලා තිබුණා. ඒ වගේම YouTube එකේ loading time එකේ improvement එක ගැනත්, Google එකටම අයිති AMP, එහෙමත් නැත්තම් Accelerated Mobile Pages කියලා හඳුන්වන platform එක ගැනත් වැඩි විස්තර දැනගන්න පුළුවන් වේවි. මීට අමතරව, Play Store එක සහ Android apps වල ජනප්‍රියත්වය ගැනත් අළුත් news ටිකක් අපිට දැනගන්න පුළුවන් වේවි.

Gaming

Gaming ගැන කතා කරද්දී නම්, අපි දන්නවා Google එකෙන් ගොඩ කාලෙක ඉඳන්ම gaming වලට එන්න try කරනවා. එයාලා Chromecast සහ Android බාවිතා කරගෙන අමුතුම ජාතියේ console එකක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. දැනටම Yeti කියලා device එකක් ගැන දැනගන්න ලැබුණත් මේක තාම officially announce කරලා නැහැ.‍

ඒ වගේම Google Play Instant Apps ගැනත් මේ පාර කතා කරන්න ඉඩ තියනවා.

Material Design Refresh

Material design කියන එක හඳුන්වලා දීලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. මේ වෙනකොට Android වල තියන user interfaces සහ user experience එකේ පෙරගමන්කරු වෙන්නේ මේ Material design එකයි. ඔන්න දැන් Material Design 2 එක ගැන ආරංචි වෙනවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම කරන වෙනස් කමක් නෙමෙයි, තියන design එකේම updates තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මේ ගැනත් අපිට තව දවස් දෙකකින් හරියටම දැනගන්න පුළුවන් වෙයි.

ඒ වගේම Chrome එකේ redesign එකක් ගැනත් Chrome OS එක ගැනත් වැඩි විස්තර අපිට දැනගන්න පුළුවන් වේවි.

Wear OS

Android Wear කියලා කළින් හඳුන්වපු එහෙමත් නැත්තම් Wear OS එකත් ඇස් වලට පහසු dark mode එකයි, battery life එකේ improvements ටිකකුයි එක්ක මේ පාර Android P developer preview එකත් එක්කම release වුණා. ඒ වගේම පහුගිය සති කිහිපය ඇතුලත තවත් updates කිහිපයක් release වුණා. ඒ අතරින් Google Assistant integration එක වඩාත් කැපී පෙනෙන්නක් වුණා. මම ඒ ගැනත් ලිපියකින් මීට කලින් ඔයාලව දැනුවත් කළා මතක ඇති.

Wear OS

මේ පාර Google I/O එකේදි Wear OS එකේ update එකක් වගේම Huawei devices වලට අමතරව තවත් devices වලට support කරන update එකක් දෙයි කියලත් අපිට හිතන්න පුළුවන්.

Android TV සහ Android Auto

Android TV එක සහ එයාලගේ car infotainment product එක වෙන Android Auto එක සාපේක්ෂව ගොඩක් හෙමින් තමයි වැඩිදියුණු වෙන්නේ. කොහොම වුණත් ඒවා ගැන මොනවහරි අළුත් දෙයක් තියනවා නම්, ඒවාත් මේ Google I/O එකේදි කතාබහට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම Google එකෙන් 4K Chromecast එකක් වගේ Android TV dongle එකක් release කරන්න යනවා කියලත් කටකතාවක් තියනවා. TV එකක interface එකක් වගේම remote එකකුත් මේකට අයිති වෙනවා ලු.

Android Auto ගැන කියනවා නම්, ඒකත් දැන් අවුරුදු කිහිපයක් පරණයි. නමුත් මේ ලඟදී ඒකට පුළුවන් වුණා Pixel සහ Nexus devices එකක් wireless විදිහට connect වෙන්න. ඒ වගේම ජනවාරි වලදී Google එකෙන් කිවුවා මේ Android Auto වලටත් Google Assistant integrate කරනවා කියලා. අපිට ඒකත් මේ Google I/O event එකේදී බලාගන්න පුළුවන් වේවි.

මේ හැමදේමත් එක්ක තවත් මොන වගේ exciting දේවල් එයාලා ඉදිරිපත් කරාවිද කියලා හරියටම දැනගන්න තව දවස් දෙකක් ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා.