Xiaomi සමාගමේ නිෂ්පාදනය කරනු ලැබූ සියළුම Mi Home devices වලට Google Home, එනම් Google Nest සහ Google Assistant සමඟින් සම්බන්ධ වීමේ හැකියාව අවහිර කිරීමට Google සමාගම මේ වන විට කටයුතු කර තිබෙනවා.

මීට හේතුව වන්නේ මේ Google Home devices හරහා කළමනාකරණය කිරීමේ හැකියාව තිබුණු Xiaomi Mijia IP Camera එකක් භාවිතා කිරීමේදී එක් පරිශීලකයෙකු හට තමන්ගේ camera එකට අදාල නොවන, එනම් වෙනත් camera වල දර්ශන දැකගැනීමේ හැකියාව ලැබුණු බව වාර්ථා වීමයි.

When I load the Xiaomi camera in my Google home hub I get stills from other people's homes!! from googlehome

මේ පිළිබඳව අදහස් දක්වමින් Google සමාගම ප්‍රකාශ කර සිටින්නේ ඔවුන් දැනටමත් මෙම ගැටළුව ගැන දැනුවත් බවත්, Xiaomi සමාගම සමඟින් එකතුව මෙම ගැටළුව නිරාකරණය කිරීමට පියවර ගෙන ඇති බවත්, ඒ වන තුරු Xiaomi devices වලට Google devices සමඟින් තිබෙන සම්බන්ධතාවයන් අවහිර කිරීමට කටයුතු කර ඇති බවත් ය.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Reddit වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.