ලොව පුරා ඉතාමත් ප්‍රසිද්ධ video app එකක් වන TikTop සේවාව ඇමෙරිකානු හමුදාවේ සෙබලුන් හට ඇමෙරිකානු රජය විසින් ලබා දෙන ජංගම දුරකථන වල භාවිතා කිරීම තහනම් කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.

මීට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ මේ app එක චීන සමාගමකට අයත්වීම නිසාවෙන් ඔවුන්ගේ ජාතික ආරක්ෂාවට හෝ ඇමෙරිකානුවන් පිළිබඳව ඔත්තු බැලීමට භාවිතා කිරීමේ ඉඩකට තිබෙන බවයි.

කොහොම වුණත් TikTok ස‍ේවාව අයිති ByteDance ආයතනය ප්‍රකාශ කරන්නේ ඇමෙරිකානු පරිශීලක දත්ත ඇමෙරිකාවේ පවතින servers වල ගබඩා කරන බවත්, සිංගප්පූර්වේ ඊට අදාල backup servers පවත්වාගෙන යන බවත් ඒවා චීන නීතිරීති වලට යටත් නොවන නිසාවෙන් චීන රජයට එවැනි බළ කිරීමක් සිදු කළ නොහැකි බවත් ය.

Statement on TikTok’s content moderation and data security practices
Over the past several weeks, TikTok has been the focus of public statements by Members of Congress and others regarding alleged censorship of content, as well as questions about our data protection pr

එමෙන්න මීට පෙර කිසිඳු අවස්ථාවක චීන රජය විසින් එවැනි ඉල්ලීමක් හෝ නියෝගයක් නිකුත් කර නොමැති බවත්, එසේ ඉල්ලීමක් කලද පරිශීලක දත්ත එසේ අවභාවිතා කිරීමට ByteDance ආයතනය කටයුුතු නොකරන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ TikTok වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.