Chrome Browser එක තුල ඇති සියලු tabs වඩා හොඳින් කළමනාකරණය කරගැනීම සඳහා අලුත් පහසුකමක් Google සමාගම විසින් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

Tab Groups නමින් හැඳින්වෙන මේ පහසුකම හරහා tabs විශේෂ පාට වලට වෙන් කිරීම සහ නම් කිරීම සිදු කල හැකි අතර ඉදිරි සතිය තුල දී Chrome Stable Version එක සඳහා ලබාදීමට නියමිත බවත්, දැනටමත් Chrome වල Beta සංස්කරණය සමඟින් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවත් Google සමාගම ප්‍රකාශ කර සිටිනවා.

Keep tabs on your tabs in Google Chrome
Tab grouping feature coming to Google Chrome

Tab එක right-click කර "Add tab to group" යන මෙනුව click කිරීමෙන් මෙම විශේෂාංගය භාවිතා කළ හැකි අතර එහිදී දැනට ඇති Group එකකට හෝ අලුතෙන් සාදන ලද Group එකකට අදාල tab එක දැමීමේ හැකියාව ඇත.

View post on imgur.com

කොහොම නමුත් මාස ගණනාවක් තිස්සේ මෙම feature එක Google සමාගම විසින් test කර ඇති බවද ඇතැම් වෙබ් අඩවි වාර්ථා කරනු ලබනවා.

තමන් සිදු කරනු ලබන කාර්යයන් අනුව මෙන්ම Review Sites හෝ Shopping වෙබ් අඩවි අනුව බොහෝ දෙනා තම තමන්ගේ tabs organize කරනු ලබන බවත්, තවත් පිරිසක් tab එකෙහි වැදගත් කම (urgency එක) අනුව ASAP, This Week, Later ආකාරයටද tabs වෙනු කරගනු ලබන බව මූලික පරීක්ෂණ වලින් අනතුරුව Google සමාගම පෙන්වා දෙනවා.

View post on imgur.com

එමෙන්ම මේ Tab group සඳහා නම් භාවිතා කිරීම වෙනුවට Emoji භාවිතා කිරීමේ හැකියාව ද පවතින බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙම ටැබ් ගැටලුව බොහෝ දෙනෙකුට දීර්ඝ කාළයක් තිස්සේ ප්‍රශ්නයක් ව පැවති අතර , ඒ හේතුව නිසා OneTab , Workona , Toby ආදී බොහෝ Tab Management extension නිර්මාණය විය.

ඒ අතර opera වැනි වෙනත් browsers මෙම විශේෂාංගය තම පාරිභෝගිකයන්ට හඳුන්වා දුන් අවස්ථා ද විය.

කෙසේ වෙතත් මේ සඳහා Google එතරම් කලබල නොවූ අතර තවමත් desktop web browsers වල ආධිපත්‍ය ඔවුන් පවතින නමුත් තම වෙළඳපල ප්‍රතිශතය 71.15% සිට 67.15% දක්වා පහත වැටීම සිදු වුනේ ද 2019 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී ය.

එම කරුණද මෙම අලුත් හඳුන්වාදීම වලට හේතු වන්නට ඇති බව අනුමාන කළ හැකි අතර මෙම විශේෂාංගය Windows, Mac, Linux භාවිතා කරනු ලබන සියළුම පරිශීලකයින් හට ඉක්මනින්ම ලැබෙනු ඇත.

Try New Features with Google Chrome Beta - Google Chrome
Feeling adventurous? Preview upcoming Google Chrome features before they’re released and give us feedback to make Chrome a better browser.
Download Chrome Beta version

මෙම පහසුකම Chrome beta සංස්කරණය හරහා අත්හදාබැලීමට කැමති නම්, ඉහත link එක හරහා එය download කරගැනීමේ හැකියාව තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ Google නිල Blog අඩවිය භාවිතා කළ හැක.