ඇමරිකාව විසින් චීනයේ Huawei සමාගමට වෙළඳ තහනමක් පනවා මේ වනවිට වසරක් ගතවී ඇති අතර ඇමරිකාව විසින් එය තවත් වසරකට දීර්ඝ කිරීමට ගත් තීරණයත් සමඟ දෙරට අතර ඇති වී ඇති වෙළඳ යුද්ධය යලි උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.

ඒ චීනය විසින් සිය සමාගම් අසීමිත ලෙස මර්දනය කිරීම නතර කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා ඇති පසුබිම තුළ වීමද විශේෂත්වයකි.

ඇමරිකාවේ මෙම තීරණයට එකට එක කිරීමක් ලෙස චිනය ද සිය රටේ ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ ඇමරිකානු සමාගම් හතරකට එරෙහිව සීමා පැනවීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව මේ වන විට වාර්තා වෙනවා.

"විශ්වාසය තැබිය නොහැකි ආයතන" යන ලැයිස්තුවට මෙම ඇමරිකානු සමාගම් එකතු කිරීමට චීනය සූදානම් වන අතර එම සමාගම් වන්නේ Apple, Qualcomm, Sisco හා Boying යන සමාගම් හතර වන බව Global Time වෙබ් අඩවිය වාර්ථා කරනවා.

China readies biggest counterattack against US
China is ready to take a series of countermeasures against a US plan to block shipments of semiconductors to Chinese telecom firm Huawei, including putting US companies on an

චීනය, Apple හා Qualcomm යන සමාගම් දෙකටම වැදගත් වෙළඳපොලක් බව අමුතුවෙන් කිව යුතු නැත.

නමුත් මෙම නීතිරීති නිසා 2020 පළමු කාර්තුවේදී චීනයේ smartphone shipment වලින් iPhone වූයේ 7.3% ක් පමණයි. එහෙත් Apple හි විකුණුම් වලින් 1/6 කම වෙළඳපොල වන්නේ චීනයයි.

මේ වසරේ මුල් කාර්තුවේදී ඇපල් සමාගමේ මුළු ආදායමෙන් 14.8% ක් පැමිණියේ චීනයෙන් වන අතර ඇපල් සමාගමේ බොහෝ කොන්ත්‍රාත් කර්මාන්තශාලා පිහිටා ඇති ස්ථානය වන්නේ ද චීනයයි.

Qualcomm සමාගම සම්බන්ධයෙන් ගත් කලද තත්ත්වය ඊට සමාන වන අතර OEM (Original equipment manufacturing) සැපයීම පිළිබඳව ගනුදෙනු රාශියක්ම වෙනුවෙන් චීනය සමඟින් ගිවිසුම්ගත වීම නිසාවෙන් විශේෂයෙන්ම 5G සේවා ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් Qualcomm සමාගමට ගැටළු මතු විය හැකි වෙනවා.

කෙසේ වුවත් චීනය මේ පිළිබඳව නිල ප්‍රකාශයක් තවමත් සිදුකර නොමැති අතර Global Time වෙබ් අඩවිය පවසන්නේ චීනය සිය නීත්‍යානූකූල අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉහත සඳහන් කල සමාගම් වලට එරෙහිව පරීක්ෂණ සිදුකිරීම හෝ සීමාවන් පැනවීම සිදුකරනු ඇති බවයි.

එමෙන්ම Huawei සමාගම සඳහා Chip සපයන ප්‍රමුඛතම සමාගමක් වන TMSC (Taiwan Semiconductor Manufacturing Co.) සමාගම ඇමරිකානු උපදෙස් අනුගමනය කරමින් Huawei වෙතින් එන නව ඇණවුම් දැනටම නවත්වා ඇති නිසා චීනය විසින් ඇමරිකාව වෙත ඉක්මන් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි Global Time පුවත් සේවය අනාවැකි පළකරනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා මේ වනවිටත් smartphone වෙළඳපොලට දැඩි බලපෑමක් සිදුවී ඇති අතර චීන-ඇමරිකානු වෙළඳ ගැටළුව නිසා එය තවත් අහිතකර තත්ත්වයට පත්වී එහි අවසාන පීඩිතයා පාරිභෝගිකයන් බවට පත් වනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය සහ Global Times වෙබ් අඩවිය භාවිතා කළ හැක.