Google Assistant සඳහා ලබාදීමට නියමිත අලුත්ම පහසුකම් අතරින් Ambient Mode එක මේ වන විට ක්‍රම ක්‍රමයෙන් ඇතැම් පරිශීලකයන් හට ලබාදීමට Google සමාගම කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

The Google Assistant comes to more devices at home
With the Google Assistant, we’re helping you get things done around the house—whether your hands are full in the kitchen, you’re too tired to get up from the couch after a long day or you’re rushing to get out of the door. Just ask the Assistant to play your favorite show, turn off the lights, arm y…

මේ Ambient Mode එක හරහා අදාල smartphone එක හෝ tablet එක smart display එකක් ආකාරයට භාවිතා කිරීමේ හැකියාව ලැබෙන අතර, calendar එක, කාළගුණ තොරතුරු, reminders, music controls සහ smart home controls වැනි විවිධ දෑ ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි ලෙස ඉදිරිපත් කිරීමට ඔවුන් සමත් වී තිබෙනවා.

එමෙන්ම Google Photos හරහා අදාල device එක digital photo frame එකක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ද ලබාදී ඇති අතර මේ Ambient Mode එක ක්‍රියාත්මක වන්නේ අදාල ජංගම දුරකථනය හෝ charger එකට සම්බන්ධ කර ඇති අවස්ථා වලදීයි.

Lenovo Smart Tab M8 HD සහ Lenovo Yoga Smart Tab යන tablet වලට අමතරව ඇතැම් Nokia 7.2, Nokia 6.2, Nokia 6.1, Xiaomi Redmi K20 Pro, POCOPhone F1 යන ජංගම දුරකථන වලට ද මේ පහසුකම ලැබී ඇති බව වාර්ථා වෙනවා.

ඇතැම් විට මේ පහසුකම ඔබගේ ජංගම දුරකථනයටත් මේ වන විට ලැබී තිබෙනු ඇති අතර Google App Settings > Assistant > Devices හරහා ගොස් එම පහසුකම ලැබී ඇත්දැයි පරීක්ෂා කර බැලිය හැකි‍ වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැකි වෙනවා.