පසුගිය වසරේ අප්‍රේල් මාසයේ Google සමාගම විසින් Gmail Web client එක සඳහා Material design theme එකක් සමඟින් අලුත් පෙනුමක් වගේම අලුත් පහසුකම් රැසක් ද එළිදක්වන්නට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් Google සමාගම විසින් ඔවුන්ගේ Gmail Android app එකටත් මේ අලුත් පෙනුමක් වගේම අලුත් පහසුකම් කිහිපයකුත් රැගෙන එන්නට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

මේ අලුත් පෙනුම Material Design 2 guideline එකට අනුව නිර්මාණය කර ඇති අතර අලුත් පහසුකම් ලෙස හඳුන්වා දී තිබෙන්නේ පහසුවෙන් attachment බැලීමේ හැකියාව මෙන්ම ඔබ gmail account කිහිපයක් භාවිතා කරනවා නම්, ඒවා අතර පහසුවෙන් මාරු වීමේ හැකියාව ලබා දීමයි.

ඔයාලට මතක ඇති පසුගිය දිනක Phishing ගැන දැනුවත් කරන්න Google සමාගම විසින් ප්‍රශ්නාවලියක් නිකුත් කර තිබුණා. ඔන්න දැන් මේ විදිහේ Phishing attack එකක් detect කරගන්න Gmail එකට හැකියාව ලැබුණු ගමන් ම ඒ ගැන විශාල රතු පාට message එකකින් පෙන්වීමේ ආරක්ෂක පහසුකමක් ද මෙයට ඇතුලත් වෙනවා.

මේ update එක ඔබට ලැබෙන්නට තවත් සති කිහිපයක් ගත විය හැකි බව Google සමාගම විසින් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Google blog අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.