ලොව ජනප්‍රියතම Battle Royale Mobile Game එකක් වන Garena Free Fire අසල්වැසි ඉන්දියාව තුළ තහනම් කිරීමට පසුගිය සඳුදා (14 Monday) ඉන්දියානු රජය විසින් කටයුතු කර තිබෙනවා.

මෙම Free Fire Mobile Game එක ඇතුළුව තවත් යෙදුම් 53ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබෙන අතර බොහෝ දෙනා වාර්ථා කර තිබුණේ නිළ වශයෙන් Garena Free Fire තහනම් කිරීමේ නිවේදනය නිකුත් කිරීමට දිනකට පමණ පෙර සිට එම යෙදුම Google Play Store සහ Apple Apps Store වලින් ඉවත් කර තිබූ බවයි.

Garena ආයතනය විසින් මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ "ඉන්දියාව තුළ Garena Free Fire යෙදුම Google Play Store සහ Apple Apps Store හරහා සොයා ගැනීමට නොහැකි බව අපි දනිමු" යනුවෙනුයි. වැඩි දුරටත් ඔවුන් පවසා සිටියේ මෙම තත්වය හැකි ඉක්මණින් විසඳීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවයි.

නමුත් Free Fire Max නම් වන higher-graphic version එකට තහනම බල නොපාන අතර එම යෙදුම තවමත් Google Play Store හරහා download කර ගැනීමේ හැකියාව තිබෙනවා.

2020 වර්ෂයේ ජුනි මාසයේ TikTok ඇතුළු තවත් Apps 59ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට MeitY ආයතනය (Ministry of Electronics and Information Technologies⁩, India) කටයුතු කරනු ලැබුවේ තොරතුරු තාක්ෂණික පනතේ 69A වගන්තිය යටතේය. එම වගන්තියෙහි උපුටා දැක්වීම පහතින් දැක්වේ.

“Power to issue directions for interception or monitoring or decryption of any information through any computer resource.”
PUBG Mobile, APUS Launcher, Baidu ඇතුළු apps 118ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කරයි
පසුගිය ජුනි මාසයේදී ඉන්දීය රජය විසින් TikTok ඇතුළු ප්‍රසිද්ධ චීන mobile apps 59ක් තහනම් කිරීමට කටයුතු කළ අතර, ඉන් පසුව නැවතත් ජුලි මාසයේදී තවත් apps 47ක් තහනම් කි
PUBG Mobile ඇතුළු Apps 59 ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කළ පසු නැවත ජූලි මාසයේදි Apps 118ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කටයුතු කර තිබේ.

වාර්ථා වී තිබෙන තොරතුරු වලට අනුව Garena Free Fire යෙදුම තහනමෙන් ඉවත් වීමට ඉඩ තිබෙන නමුත් ඊට පෙර තහනමට ලක්වූ PUBG සහ TikTok යන යෙදුම් ස්ථිර වශයෙන් තනම්ව තිබෙනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Indian Express වෙබ් අඩවිය සහ Games Industry වෙබ් අඩවිය භාවිතා කළ හැක.