ඇමෙරිකාවේ Oregon ප්‍රාන්තයේ ශිෂ්‍යයන් දෙදෙනෙකු විසින් Apple සමාගම නොමඟ යවමින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 900,000 පමණ වටිනාකමකින් යුතු iPhone වංචා කර ඇති බව වාර්ථා වෙනවා.

Quan Jiang සහ Yangyang Zhou යන මේ සිසුන් දෙදෙනා විසින් මෙම කටයුත්ත සිදු කිරීම සඳහා චීනයේ සම්බන්ධතාවයක් භාවිතා කරමින් සිට තිබෙන බව ඇමෙරිකානු රජය විසින් ප්‍රකාශ කරනවා.

චීනයෙන් ලැබෙන ව්‍යාජ iPhone ජංගම දුරකථන, Apple සමාගමේ වගකීම් සහතිකය අනුව Apple සමාගමට බාර දී, ඒ වෙනුවෙන් අලුත් iPhone ලබා ගැනීම මොවුන් දෙදෙනා විසින් සිදු කර තිබෙන අතර, මේ ආකාරයේ ක්‍රියාකාරකම් දහස් ගණනක් සිදු කිරීමට මොවුන් සමත් වී තිබෙනවා.

Jiang විසින් පමණක් 2017 වර්ෂයේදී මේ ආකාරයේ ජංගම දුරකථන 2,000ක් පමණ Apple සමාගමට යොමු කර ඇති අතර, Apple සමාගමේ වාර්ථා පරීක්ෂා කර බැලීමට කටයුතු කළ ඇමෙරිකානු රජය මොහු විසින් මෙවැනි Warranty claims 3,000ක් පමණ සිදු කර තිබෙන බවට ගණන් බළා තිබෙනවා.

මේ ආකාරයෙන් Apple සමාගමට ව්‍යාජ iPhone ලබා දීමේදී එම දුරකථන Power on නොවන බව සඳහන් කරමින් බාර දී ඇති අතර, power on නොවන නිසාවෙන් එම අවස්ථාවේදී වෙනත් යමක් පරීක්ෂා කිරීමට ඔවුන්ට නොහැකි වීම නිසාවෙන් මෙය මෙතරම් දුරදිග ගොස් ඇති බව ඔවුන් වැඩිදුරටත් පැහැදිළි කරනවා.

මෙසේ ලබා දී ඇති ජංගම දුරකථන වලින් 1,493ක් සඳහා අලුත් iPhone ජංගම දුරකථන ලබා දීමට Apple සමාගම කටයුතු කර ඇති අතර එයින් එකක මිළ ඇමරිකානු ඩොලර් 600 බැගින් නියම කළහොත්, ඩොලර් 895,800ක මුදලක් මේ ආකාරයෙන් චංචාවට ලක් වී තිබෙනවා.

චීනයෙන් ලැබෙන ව්‍යාජ iPhone, Apple සමාගමට බාර දී, Apple සමාගම විසින් ලබා දෙන සැබෑ iPhone ජංගම දුරකථන නැවතත් චීනයට යැවීමට Jiang කටයුතු කර ඇති අතර ඒ වෙනුවෙන් චීනයේ ජීවත් වන Jiang ගේ මවගේ බැංකු ගිණුමට මුදල් බැර කිරීමට අදාල චීන සම්බන්ධතාවය කටයුතු කරනු ලබන බව ඔහු බළධාරීන්ට පවසා තිබෙනවා.

කොහොම නමුත් මෙම iPhone ජංගම දුරකථන ව්‍යාජ ඒවා බව ඔවුන් දැන නොසිටි බව Jiang සහ Zhou යන දෙදෙනාම බළධාරීන්ට ප්‍රකාශ කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා CNBC වෙබ් අඩවිය හා PCMag වෙබ් අඩවිය භාවිතා කළ හැක.