මේ වන විට ලොව පුරාම News සංසරණය වන මාර්ග වලින් ප්‍රධානතම මාර්ගයක් ලෙස සමාජ මාධ්‍ය ජාලයන් පෙන්වාදිය හැකි නමුත් බොහෝ විට මේ හරහා පැතිර යන පුවත් වල සත්‍යය අසත්‍යයතාව පිළිබඳව විශාල ගැටළුවක් පවතිනවා.

එමෙන්ම මාස කිහිපයකට පෙර පළ වූ ලිපියක් හෝ සිදුවීමක් මේ මොහොතේ සිදුවෙමින් පවතින දෙයක් ලෙස අර්ථකතනය වන තොරතුරු social media platforms වල share වීම නිසාවෙන් බොහෝ ගැටළුකාරී තත්ත්වයන් ඇතිව ති‍බෙනවා.

මෙම ගැටළුව විසඳීම සඳහා Facebook ආයතනය මඟින් යම්කිසි පරිශීලකයෙකු දින 90කට හෝ ඊට වඩා පැරණි ලිපියක් share කිරිමේදී "This article is 3 months old" ලෙස හෝ, එය මුලින්ම පළ වුණු කාළසීමාව පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබන පහසුකමක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

මෙය Facebook හරහා ප්‍රචාරණය වන නොමඟ යවන තොරතුරු මැඩපැවැත්විම සඳහා Facebook සමාගම විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයක් වන අතර මේ වන විට මෙම පහසුකම ලොව පුරා Facebook පරිශීලකයින් හට ලබාදීමට කටයුතු කර ඇති බව Pocket Now වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, පරිශීලකයින් හට මෙය තවමත් අදාල දෙයක් යැයි හැ‍ඟෙන්නේ නම් එය share කිරීමේ අවස්ථාව ලබාදී තිබෙන අතර මේ ආකාරයේ තවත් පහසුකම් කිහිපයක් ඉදිරියේදී හඳුන්වාදීමට ද Facebook සමාගම සූදානමින් සිටිනවා.

මේ ආකාරයෙන් හඳුන්වාදීමට සූදානමින් සිටින අලුත් පහසුකම් අතරට COVID-19 පිළිබඳ යම් කිසිවෙකු තමන්ගේ post එකක් තුළ සඳහන් කළ අවස්ථාවන් වලදී, ඒ පිළිබඳව විශ්වාසදායී තොරතුරු අනෙකුත් පරිශීලකයන් හට ලබාදීම සඳහා ඔවුන්ගේ COVID-19 Information Center එක වෙත යොමු කිරීමටද කටයුතු කරන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ පිළිබද වැඩි විස්තර දැන ගැනිම සඳහා නිළ Facebook Newsroom වෙබ් අඩවිය, Pocket Now වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.