iOS 14 version එකත් සමඟ iPhone පරිශීලකයන් හට web browsing සහ email සඳහා වන default apps වෙනස් කිරීමට option එකක් ලබාදීමට Apple සමාගම කටයුතු කළ නමුත්, messages, music, calendar වැනි apps සඳහා මෙම හැකියාව ලබාදීමට මොවුන් කටයුතු කර තිබුණේ නැහැ.

The Information වෙබ් අඩවිය විසින් පෙන්වා දෙන ආකාරයට, මේ වනවිට Facebook සමාගම විසින් iPhone පරිශීලකයන් හට ඔවුන් කැමති messaging app එකක් default messaging app එක ලෙස සකසා ගැනීමට ඉඩ ලබාදෙන ලෙස Apple සමාගමෙන් ඉල්ලා සිටිනවා.

Facebook සමාගමෙහි Messenger වැඩසටහනෙහි ප්‍රධානී Stan Chudnovsky ප්‍රකාශ කරන්නේ, මිනිසුන් හට විවිධ messaging apps තමන්ගේ දුරකථනයේ default ලෙස සකසා ගැනීමට හැකියාව තිබිය යුතු බවත්, Facebook සමාගම විසින් වසර ගණනාවක සිට third-party apps default messaging client එක ලෙස වෙනස් කරගැනීමට ඉඩ සලසන ලෙස Apple සමාගමෙන් ඉල්ලා සිටි නමුත් සෑම විටම Apple සමාගම විසින් එය ප්‍රතික්ෂේප කළ බවත් ය.

මේ වනවිටත් Facebook සමාගම ඔවුන්ගේ Messenger, Instagram සහ WhatsApp වැනි apps හරහා සිය messaging services ඒකාබද්ධ කිරීමට කටයුතු කරමින් සිටින අතර එය private messaging වල අනාගතය යැයි තමන් විශ්වාස කරන බව Facebook සමාගම විවිධාකාරයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන බැවින්, මෙම ක්‍රියාමාර්ගයත් සමාගම එම දිශාවට ගමන් කිරීමට තවත් උදාහරණයක් ලෙස පෙන්වාදීමට හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, The Information වෙබ් අඩවිය, MacRumors වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.