Android 8, එහෙමත් නැතිනම් Android Pie සමඟින් නිකුත් කළ පහසුකමක් වන Project Treble ගැන මෙන්ම GSI, එහෙමත් නැතිනම් Generic System Image පහසුකම ගැන අපි මීට පෙර කිහිප වතාවක ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

මේ පහසුකම අන්තර්ගත වන ජංගම දුරකථන වල system image එක AOSP පාදක කරගෙන නිර්මාණය කර ඇති අතර, සියළුම vendor based customizations, එහෙමත් නැතිනම් නිෂ්පාදකයා විසින් සිදු කරනු ලබන වෙනස්කම් වෙනත් partition එකක (vendor image) පවත්වාගෙන යෑමට කටයුතු කරනු ලබනවා.

මේ හේතුව නිසා පෙර සඳහන් කළ ප්‍රධාන system image එක කිසිඳු බාධාවකින් තොරව වෙනත් Android සංස්කරණයකට upgrade කිරීමේ හැකියාව ලැබෙන අතර ඒ හරහා මෙහෙයුම් පද්ධතියෙහි සිදු කර ඇති customization වලට කිසිඳු වෙනසක් සිදු වන්නේ නැහැ.

Project Treble යන වැඩසටහනෙහි සරළ අරමුණ මෙය වන අතර, පසුගියදා Google සමාගම Android 11 මෙහෙයුම් පද්ධතිය නිළ වශයෙන් එළිදැක්වීමට කටයුතු කිරීමත් සමඟ Pixel ජංගම දුරකථන ඇතුළුව තවත් ජංගම දුරකථන කිහිපයකටම මෙම update එක ලබාදී තිබුණා.

Android 11 වල stable සංස්කරණය නිළ වශයෙන් Pixel ජංගම දුරකථන සඳහා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරයි
Android 11 යනු Google Android මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන අතර මේ පිළිබඳවමීට පෙර ලිපි කිහිපයකින් ම අපි ඔබව දැනුවත් කර තිබෙනවා ඔබට මතක ඇති. Android 11 stable සංස්කරණය මීළඟ සැප්තැම්බර් 8 වැනි දින එළිදැක්වීමට Google සමාගමසූදානම් වන ලකුණුAndroid 11 සංස්කරණයේ stable version එක නිකුත් කරන ගමන් මා…

කොහොම නමුත් මේ වන විට Android 11 සංස්කරණය නිළ වශයෙන් නොලැබෙන තවත් පැරණි ජංගම දුරකථන 22කට මේ Project Treble සහ GSI පහසුකම භාවිතා කරමින් Android 11 ස්ථාපනය කිරීමට developer කෙනෙකු සමත් වී ඇති බව වාර්ථා වෙනවා.

Allview V3 Viper, ASUS ROG Phone 3, ASUS ZenFone 6, ASUS ZenFone Max M2, Chuwi Hi9 Pro, F(x)tec Pro 1, Honor View 10, Huawei Mate 9, Infinity Smart 2, K-TOUCH I9, Motorola Moto E5, Motorola One Action, Nokia 4.2, Nubia Red Magic 5G, OnePlus 6, Razer Phone, Realme X2 Pro, Redmi Go, Samsung Galaxy A51, Samsung Galaxy S9+, Xiaomi Mi 9, Xiaomi Mi Mix 3, Xiaomi Qin 2 pro, Unihertz Titan

ඉහත සඳහන් ජංගම දුරකථන මාදිලි සඳහා මෙලෙස සාර්ථකව Android 11 මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට ඔහු සමත්වී ඇති අතර, මෙයට අදාල වන source code එක GitHub හරහා නිකුත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

Releases · phhusson/treble_experimentations
Notes about tinkering with Android Project Treble. Contribute to phhusson/treble_experimentations development by creating an account on GitHub.

එමෙන්ම XDA-Developers වෙබ් අඩවිය විසින් මෙම කටයුත්ත සිදු කරගන්නා ආකාරය පිළිබඳව tutorial එකක් ද පළ කර ඇති අතර ඔබ මීට පෙර custom ROM එකක් install කර ඇත්නම් හෝ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් එම කටයුත්ත තනිවම සිදු කරගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

කොහොම නමුත් මෙම සංස්කරණය තවමත් alpha අවස්ථාවේ පවතින බැවින් දිනපතා භාවිතා කරන ජංගම දුරකථනයට මෙය ස්ථාපනය කිරීම එතරම් නුවණට හුරු දෙයක් නොවන බව තේරුම්ගත යුතු වෙනවා.

එමෙන්ම ඔබ මෙය ස්ථාපනය කර භාවිතා කරන්නේ නම් එහිදී මතුවන ගැටළු report කිරීමට ද හැකියාව ඇති අතර ඒ සඳහා මේ link එක භාවිතා කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ GitHub වෙබ් අඩවිය භාවිතා කළ හැක.