Xbox හි හිමිකරු වන Microsoft සමාගම විසින් Doom, Fallout, Skyrim වැනි games පිටුපස සිටින දැවැන්ත සමාගමක් වන Bethesda සමාගම මිලදීගැනීමට කටයුතු කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

මෙම ගණුදෙනුව සඳහා ඩොළර් බිලියන 7.5ක මුදලක් Bethesda ආයතනයේ හිමිකරු වන ZeniMax Media ආයතනයට ගෙවීමට Microsoft සමාගම කටයුතු කර ඇති අතර, මේ පිළිබඳව නිළ නිවේදනයක් Microsoft Xbox වෙබ් අඩවිය හරහා නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Sony සමාගම විසින් Spider-Man වැනි PlayStation exclusive games මෙන්ම Square Enix වැනි සමාගම් හරහා ඔවුන්ගේ වෙළඳපොල රැකගැනීමට උත්සාහ කරමින් සිටින අවස්ථාවකදී Microsoft සමාගම විසින් ඔවුන්ගේ Game Pass සහ xCloud game streaming සේවාව හරහා Xbox exclusive games සියල්ලම පාහේ PC, Android ඇතුළු ඕනෑම platform එකක් හරහා play කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.

මේ හරහා මීළඟට නිකුත් වීමට නියමිත Xbox Series X එක Sony සමාගමේ PlayStatin 5 එකට වඩා ආකර්ෂණිය වනු ඇති අතර විශේෂයෙන්ම Xbox Game Pass subscription එක භාවිතා කරන්නන් හට දැනටමත් ලබාදෙනු ලබන games 200කට අධික ප්‍රමාණයට තවත් games ගණනාවක් එකතු වනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

‍මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Microsoft News වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.