Galaxy A series එක කියන්නේ Samsung ආයතනය විසින් හදුන්වා දීලා තියෙන mid range smartphone series එකක්. මෙහි නවතම Galaxy A80 ස්මාට්ෆෝන් එක දැනට දවස් 3කට කලින් සැම්සුන්ග් සමාගම හදුන්වාදෙනු ලැබුවා.

මෙහි එන ප්‍රධානතම සුවිශේශාංගය විදියට ඉහලට එසවෙන slider එකක් සමග auto rotatable (ඉබේ කැරකීමේ හැකියාව සහිත) camera එකක් දකින්න ලැබෙනවා. Front සහ Rear Camera දෙකම විදියට මේ camera එකට ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා.

අපි select කරන mode එකට අවශ්‍ය වන ලෙසට camera එක හැඩගැසීම එය විසින් ස්ව්‍යංක්‍රීයවම සිදු කරගැනීම මෙහිදී දකින්න ලැබෙනවා.  

Camera එක ගැන කතා කරන විට, 48MP (f/2.0) main + 8MP (f/2.2) ultrawide + 3D ToF (time-of-flight) depth sensor කියන කැමරා වර්ග 3ක් සමග Dual LED Flash එකක්ද දැකගන්න හම්බෙනවා.

මේ ජංගම දුරකථනයේ තිබෙන Display එක අගල් 6.7ක FHD+ Super AMOLED display එකක් වන අතර, (Vivo Nex සහ Oppo Find X වගේම) මෙහි Notch එකක් හෝ Punch hole camera එකක් අන්තර්ගත වන්නේ නැහැ.

මේ ආකාරයේ Notch එකක් හෝ Punch hole camera එකක්  නොමැතිව, Samsung සමාගම විසින් නිකුත් කරන ලද පළමුවැනි "New Infinity" Display එක මේ ජංගම දුරකථනය සතු වෙනවා.

Qualcomm Snapdragon 730 chipset එකක් සහ Octa core processor එකකින් බළගැන්වෙන මේ ජංගම දුරකථනයේ 128GB internal storage එකක් වගේම 8GB ධාරිතාවයකින් යුත් RAM එකක් දකින්න ලැබෙන අතර ‍3,700mAh battery එකක් මෙහි අන්තර්ගත වෙනවා.

අනෙකුත් mid range smartphone සමග සැසඳීමේදී මෙහි දකින්න තිබෙන වෙනස්කම් ලෙස on-screen fingerprint පහසුකම වගේම, USB 2.0 type C connector එක මෙන්ම මෙහි එන 25W fast battery charging පහසුකම පෙන්වා දෙන්න පුළුවන්.

කොහොම වුණත් SD Card slot එක සහ 3.5mm headphone jack එකක් මේ ජංගම දුරකථනයේ අන්තර්ගත නොවන අතර Phantom black, Ghost white සහ Angel gold යන වර්ණයන්ගෙන් මෙය මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.

Samsung සමාගම Galaxy A80 ජංගම දුරකථනයේ official launch date එක ලෙස මීළඟ මැයි සම 29 වන දින නම් කර ඇති අතර, මෙහි මිල ගණන් සහ වෙළඳපොල අනුව වෙනස් වන අනෙකුත් options පිලිබදව එදින සාකච්ඡා කරනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Pocket-Lint වෙබ් අඩවිය භාවිතා කළ හැක.