මීට වසර දෙකකට පමණ පෙර Facebook Dating feature එක ප්‍රධාන Facebook app එකතු කිරීමට Facebook සමාගම කටයුතු කරමින් සිටින බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Facebook වල අළුත්ම Dating feature එක මේ වන විට පරීක්ෂණ මට්ටමේ
ඔයාලා බොහෝ දෙනෙකුට මතක ඇති පසුගිය F8 conference[https://en.wikipedia.org/wiki/Facebook_F8] එකේදී Facebook සමාගම විසින් Dating[https://en.wikipedia.org/wiki/Dating] පහසුකම එළිදක්වන්නට කටයුතු කරන බව ප්‍රකාශකළා. බොහෝ දෙනෙකු අනුමාන කරනු ලැබුවේ මේ පහසුකම සඳහා වෙනනම app එකක් හඳුන්වා දීමටFacebook ආයතන…

මෙම පහසුකම 2019 වර්ෂයේදී ඇමෙරිකාවට ලබාදීමට කටයුතු කර තිබුණු අතර පසුගිය Valentine's day එක අතරතුර යුරෝපා රටවල් වලට ලබාදීමට සූදානම් කර තිබුණත් එය කල්ගිය එය සාර්ථක වී තිබුණේ නැහැ.

ඔන්න දැන් Facebook සමාගම විසින් මේ පහසුකම නිළ වශයෙන් යුරෝපයීය රටවල් වල සිටින Facebook පරිශීලකයින් හට ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

Facebook Dating - Add Love
Facebook Dating: A space within Facebook that makes it easier to meet and start new conversations with people who share your interests.

මේ සේවාව දැනටමත් බොහෝ ජනප්‍රිය dating app එකක් වන Tinder සේවාව ඉලක්ක කරගෙන නිකුත් කරනු ලබන සේවාවක් වන බව දැකියහැකි අතර, US පරිශීලකයින් හට ලබාදී තිබුණු සියළුම පහසුකම් යුරෝපය වෙතද ලබාදීමට කටයුතු කර ඇති බව දැකගත හැකි වෙනවා.

මේ අතරට 2019 වර්ෂයේ මැයි මාසයේදී අපි ඔබට වාර්තා කළ Secret Cruch පහසුකම ද අන්තර්ගත වන බව වාර්තා වෙනවා.

Facebook ආයතනය විසින් Secret Crush නම් වූ අලුත් විශේෂාංගයක් ගැන තොරතුරු හෙළි කරයි
කවදාහරි දවසක Facebook එකෙන් ඔයාගේ crush එක ගැන දැනගන්න පුළුවන් කියලා හිතුවා නම්,ඔන්න දැන් ඒ අවස්ථාව ලබා දෙන්නට Facebook සමාගම කටයුතු කරමින් පවතිනවා. පසුගිය අප්‍රේල් මස 30 වැනිදා පැවති F8 2019 developers conference එක[https://www.f8.com/] අතරතුරදී Secret Crush නම් වූ අලුත් පහසුකමක් ගැන තොරතුරුහෙළ…

මේ අනුව මෙම Facebook Dating සේවාව එක්සත් රාජධානිය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් 50ක පමණ පරිශීලකයින් හට භාවිතා කිරීමේ හැකියාව ලබාදී ඇති නමුත්, තවමත් ශ්‍රී ලංකාවට මෙම පහසුකම ලබාදීම පිළිබඳව හෝ ඊට අදාල කාළ-වකවානුවක් පිළිබඳව වාර්තා වන්නේ නැහැ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.