රුහුණ විශ්ව විද්‍යාලයේ Computer Science Student Community එක මගින් සංවිධානය කළ #BattleCode v1.0 - Virtual Robotics Battle තරගාවලිය පසුගිය ජූලි මස 27 වනදා රුහුණ විශ්ව විද්‍යාලය් පරිගණක විද්‍යා අධ්‍යන අංශයේ පැවැත්වුණා.

BattleCode තරඟාවලිය සංවිධානයට පසුබිම සැකසෙන්නේ Computer Science Student Community එකේ ජේෂ්ඨ සිසුන් හට IFS ආයතනය මගින් සංවිධානය කල තරගාවලියක් හරහා ලැබුණු අත්දැකීම් සමඟින් වන අතර Virtual Robotics කියන්නේ Hackathon තරගාවලි සම්ප්‍රදායට අලුත් දෙයක් බව ඔවුන් පෙන්වා දෙනවා.

විශ්වවිද්‍යාලයීය පීඨ ගණනාවක සෑම අධ්‍යන වර්ෂයකම සිසුන් කණ්ඩායම් විශාල සංඛයාවක් අතුරින් සුදුසුකම් ලැබීමේ තරඟ වටයකින් අනතුරුව කණ්ඩායම් 15 ක් අවසන් තරග වටයට සුදුසුකම් ලබා තිබුණු අතර මෙම කණ්ඩායම් තමන්ගේ Robot ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කරට කර ඉතාමත් උණුසුම් තරගයක් ලබා දීමට සමත් වී තිබුණා.

තරඟාවලියේ මූලික සුදුසුකම් ලැබීමේ වටයේදී කණ්ඩායම් වල Java පරිගණක භාෂාව යොදා ගැනීමේ හැකියාව සහ සාමූහිකව ගැටලු විසදීම ආදී සුදුසුකම් උරගා බැලුණු අතර ප්‍රසිද්ධVirtual Robotics Platform එකක් ලෙස සැළකෙන Robocode Programming Game Platform එක මත මෙම තරඟාවලිය පැවැත්වීමට කටයුතු කර තිබුණා.

තරගාවලියේ පලමු අදියර පුහුණු වීමේ වටයක් වූ අතර මෙම වටයේදී කණ්ඩායම් වලට මේ Robocode Platform එක පිළිබඳව පෙරහුරුවක් ලබා දීම මෙන්ම තමන්ගේ Robot තමන්ට සිතැඟි පරිදි විවිධ වෙනස්කම් කර අත්හදා බලන්නට, තරග කරන්නට අවස්ථාව ලබාදී තිබුණා.

ඉන් පසුව ප්‍රධාන තරඟය ආරම්භ වීමෙන් අනතුරුව අදාල වට වලදී විවිධ Classes භාවිතා කරමින් තම කණ්ඩායමට අයත් Robot ව Update කිරීමේ හැකියාව තිබුණු අතර තරඟාවලිය ප්‍රධාන වට තුනකින් සමන්විත වී තිබුණා.

තරගයේ පළමු වටයේ Alphabot Class එක භාවිතා කරමින් ද, දෙවන වටයේදී Bravobot Class එක ද, Charliebot Class එක භාවිතා කරමින් අදාල වට වලදී තම කණ්ඩා‍යමේ ර‍ොබෝවරයා වැඩිදියුණු කරගැනීමේ අවස්ථාව ලැබුණු අතර මීට සම්බන්ධ වී සිටි කණ්ඩායම් 15ම ඉතාමත් දක්ෂ ලෙස පැය 12ක කාළයක් පුරාවට තරඟයේ නියුතු වනු දකින්නට ලැබුණා.

අවසානයේ පැවැත්වුණු වට ත්‍රිත්වයෙහිම ලකුණු සංසන්දනය කර Battel Code 2019 ජයග්‍රාහකයින් නම් කරනු ලැබූ අතර තරගාවලිය ජයග්‍රහණය කරනු ලැබුවේ විද්‍යා පීඨ කණ්ඩායමක් වුණු CodeBlasters කණ්ඩායමයි. දෙවන ස්ථානය ලබා ගත්තේ Kodeura කණ්ඩායම වන අතර තෙවැනි ස්ථානය තාක්ෂණ පීඨයේ Binary_demons කණ්ඩායම විසින් හිමි කරගනු ලැබුවා.

දිනෙන් දින තාක්ෂණයත් සමගින් දියුණු වෙමින් පවතින ලෝකයත් සමඟින් කරට කර තරඟ වදින්නට විශ්වවිද්‍යාල සිසුන් පුහුණු කිරීම වෙනුවෙන්, ඔවුන් හට අත්දැකීම් ලබා දීම වෙනුවෙන් අගෝස්තු මස 17 වන දින Computer Science Student Community එක විසින් Rush Coder v2.0 යන නමින් තවත් event එකක් සූදානම් කර තිබෙන අතර, එයට සම්බන්ධ වීමේ අවස්ථාව ද මේ වන විට ලබා දී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා ඔවුන්ගේ නිළ Facebook Page එක, Medium වෙබ් අඩවිය සහ Readme.LK වෙබ් අඩවිය භාවිතා කළ හැකි අතර තොරතුරු ලබාදීම වෙනුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ, පුබුදු අරෝෂ සහෝදරයාට විශේෂයෙන් ස්තූතිවන්ත ‍වන්නෙමු.