iOS හා Android සඳහා Dark Theme පහසුකම මුලින්ම ලබා දුන් e-commerce සේවාවන් වලින් එකක් බවට පත්වීමට eBay සමාගමට හැකි වූ බව Ebay සමාගමේ නිළ Blog එක හරහා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

Android 10 සංස්කරණය සහ Android 11 developer preview මෙන්ම beta සංස්කරණ සහිත දුරකථන සඳහා eBay dark mode එක system theme option අනුව ක්‍රියාත්මක වන අතර ඔබගේ දුරකථනයේ අනෙකුත් ජංගම දුරකථන සඳහා "Theme” menu එක යටතේ ඇති dark mode on / off කිරීමේ option එක භාවිතා කරමින් මෙය enable කරගත හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් වල සිටින eBay පරිශිලකයින් සඳහා මෙම eBay dark mode option එක දැනටමත් ලබා දි ඇති අතර අනෙක් රටවල් සඳහා මීළඟ ජූලි මාසයේදී පමණ මෙම option එක ලබා දිමට කටයුතු කරනු ලබන බව eBay සමාගම වාර්ථා කරනු ලබනවා.

ඔබට දැනටමත් මෙම option එක ලැබි ඇත්දැයි බලා ගැනිම සඳහා Play Store හෝ APK Mirror වෙබ් අඩවිය හරහා eBay app එකේ අලුත්ම version එක download කර ගැනීමට හැකියාව පවතිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ eBay blog එක, 9to5google වෙබ් අඩවිය සහ Android police වෙබ් අඩවිය භාවිතා කළ හැක