ඔස්ට්‍රේලියාවේ විශාලතම බියර් නිෂ්පාදකයා වන Lion බියර් සමාගමෙහි තොරතුරු තාක්ෂණික පද්ධතිය වෙත පසුගිය ජුනි 10 වැනි දින Cyber ප්‍රහාරයක් එල්ල වී ඇති බවට තොරතුරු වාර්ථා වන අතර, මේ මගින් ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවත්වා දැමීමට කටයුතු කර තිබෙනවා.

මොවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාහේ පරිගණකගත කර ඇති බැවින් මේ එල්ල වූ ransomware එක පිළිබඳව දැනගත් මොහොතේම ඉන් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා පරිගණක පද්ධතිය වසා දමා, නිෂ්පාදන කටයුතු නැවැත්වීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ තත්ත්වය පිළිබඳව බළධාරීන්ව දැනුවත් කර ඇති අතර එය යථාතත්වයට පත් කරගැනීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපකාර ලබගැනීමටත්, ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට සහ සැපයුම්කරුවන්ට ඇති වන බාධා අවම කිරීමට ඉක්මනින් කටයුතු ​කරනු ලබන බව Lion සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙ​ම ප්‍රහාරය පිලිබද අදහස් දක්වමින් Professor Greg Austin (deputy director of UNSW Canberra Cyber) පවසන්නේ, Lion සමාගම මිලදීගැනීම සඳහා මාන බලමින් සිටින චීන සමාගමක් මෙම ප්‍රහාරය පිටුපස ඇති බවයි.

Lion සමාගම මේ වන විට ප්‍රකාශ කර සිටින්නේ ඔවුන්ගේ ‍පෞද්ගලික හෝ ව්‍යාපාරික තොරතුරු වලට මෙයින් හානියක් වී නොමැති බව වුවත්, මෙහි ඇති අවධානම වන්නේ යම් කිසි ආකාරයකින් මොවුන්ගේ බියර් වට්ටෝරු Hacker කන්ඩායම අතට පත් වීම බව ඔහු වැඩිදුටත් පෙන්වා දෙනවා.

මේ තත්ත්වය හමුවේ තාවකාලිකව බියර් හිඟයක් ඇති වීමේ හැකියාවක් තිබෙන බව ද Lion සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Forbes වෙබ් අඩවිය, TheDrinksBusiness වෙබ් අඩවිය සහ ZDnet වෙබ් අඩවිය භාවිතා කළ හැක.