2016 වර්ෂයේදී චීනය විසින් කක්ෂගත කරනු ලැබූ Tiangong-2 නමින් හැඳින්වෙන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය මීළඟ පැය 20 ඇතුලත විනාශ කර දැමීමට ඔවුන් තීරණය කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

මේ අනුව ටොන් 8ක් බරැති මේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය විනාශ කර දැමෙනු ඇති අතර එහි සුන්බුන් බොහෝමයක් ඉහළ අහසේදී දැවී යාමට ලක්වනු ඇති බවත්, ඇතැම් කොටස් දකුණු පැසිෆික් කලාපයේ, නවසීලන්තය ආශ්‍රිත මුහුදට වැටෙනු ඇති බවත් චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනය ප්‍රකාශ කර සිටිනවා.

මෙය කුඩා ප්‍රමාණයේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් වන අතර 2016 වර්ෂයේ සිට වසර දෙකක් දක්වා කාලයක් ගුවනේ තබා ගැනීමට මූලිකව සැළසුම් කර තිබුණත්, මේ වන විට දින 1,000ට අධික ප්‍රමාණයක කාලයක් පුරා එය භාවිතා කිරීමට චීනයට හැකියාව ලැබී තිබෙනවා.

කොහොම නමුත් මෙය පොලොවට පතිත වන නිශ්චිත වේලාවක් පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කිරීමට චීනය කටයුතු කර නොමැති නමුත් අවධානයෙන් බලාසිටියහොත් එහි දර්ශන දැකගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව TechCrunch වෙබ් අඩවිය ප්‍රකාශ කර සිටිනවා.

මීට අමතරව 2020 වර්ෂයේදී Tiangong-3 අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කක්ෂගත කිරීමට චීනය මේ වන විටත් අවශ්‍යය කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා CNSA වෙබ් අඩවිය, TechCrunch වෙබ් අඩවිය හා CNN වෙබ් අඩවිය භාවිතා කළ හැක.