‍Microsoft සමාගමේ වාර්ෂික event වලින් විශාලතම event එකක් වන Microsoft Build 2022 Developer Conference එක සුපුරුදු පරිදි මෙවරත් පවතින Covid වසංගත තත්වය හමුවේ online event එකක් ආකාරයෙන් පසුගිය මැයි මස 24 වැනි දින සිට පැවැත්විමට කටයුතු කරනු ලැබුවා.

එහිදි Microsoft සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Satya Nadella ගේ keynote එක මගින් Mac mini style එකකට සමාන පහසුකම් සහිත Mini pc එකක් නැතහොත් ARM architecture එක මත පදනම් windows 11 Mini Desktop Pc එකක් පිලිබඳව හදුන්වාදෙනු ලැබුවා.

සාමාන්‍ය සිරිතට අනුව Microsoft සමාගම විසින් වාර්ෂිකව පවත්වනු ලබන developer conference event එකකදි කිසිඳු නව hardware උපාංගයක් හඳුන්වා නොදෙන අතර මේ වසරේ දී Microsoft Build 2022 event එක අතරතුර ඔවුන්ගේ Project Volterra mini PC එක එළි දැකිවීම ද විශේෂත්වයකී.

Project Volterra යනුවෙන් හැදින්වෙන මෙම mini PC එක Microsoft සමාගමේ පලමු ARM architecture මත පදනම්ව බලගැන්වෙන Windows 11 ධාවනය කලහැකි Mini Desktop PC එකක් වන අතර මෙය Qualcomm Snapdragon chipset එකක් සමඟ dedicated neural processing unit (NPU) එකකින් සමන්විත වන බවට Microsoft සමාගම ප්‍රකාශ කර තිබෙනවා. මෙමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ “best-in-class” AI පරිගණක ධාරිතාවක් සහ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයක් සමඟ උසස් hardware එකක් ලබාදීම බවටයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

මෑතකාලිනව මෙම ARM architecture මත පදනම්ව windows 11 ධාවනය කලහැකි mini PC එක නිර්මාණය කර ඇත්තේ developers ල සඳහා වන අතර මේ තුළින් employ AI-accelerated වැනි workloads සඳහා native ARM apps build කිරිමට අවශය සහය ලබාදීමට මෙන්ම Visual Studio 2022 සහ Windows Terminal වැනි development tools natively ARM මත පදනම් වු hardware එකක් මත run කිරිමේ හැකියාව ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බව Microsoft සමාගම සඳහන් කර තිබෙනවා.

ඒ වගේම Microsoft සමාගම විසින් Project Volterra සමඟ neural processing unit (NPU) එක සඳහා Windows සහාය ලබාදෙන බවත් මේ සඳහා ඔවුනේ උපරිම සහය සමඟ නව පහසුකම් NPUS වල සිට end-to-end Windows platforms වෙත ලබාදෙන බවත් Microsoft හි ප්‍රධාන නිෂ්පාදන නිලධාරියා වන Panos Panay සඳහන් කර තිබෙනවා.

Create Next Generation Experiences at Scale with Windows
As a team, we’re thrilled to spend time with the developer community at
Open Hardware Ecosystem & Project Volterra - By Panos Panay, Chief Product Officer

මෙහි ඇතුළත fan එකකින් සමන්විත අතර එමගින් එය System on a chip (SoC) එක සිසිල්ව තබා ගැනීමට මෙන්ම පීඩනය අඩු කරගැනිමට උපකාරී වේ. ඒ හරහා processor එකෙහි ක්‍රියාකාරිත්වය මනාව පාලනය කරගැනිමට හැකිවන පරිදි Microsoft සමාගම විසින් මෙම Volterra mini PC එක නිර්මාණය කර තිබීම විශේෂත්වයකි,

මෙය USB-A ports තුනකින් ද, කුඩා DisplayPort එකකින් ද, උපාංගයේ පිටුපස ethernet ජැක් එකකින් සහ වම් පැත්තේ USB-C ports දෙකකින් සමන්විත වෙනවා.

Volterra එක නිර්මාණය කර ඇත්තේ ප්‍රතිචක්‍රීකරණය කළ කළු සාගර ප්ලාස්ටික් යන Microsoft Ocean Plastic mouse එක සඳහා භාවිත කර ඇති සමාන material එකක් වන අතර පතුලේ රබර් අඩි හතරක් ද, ඉහළින් Microsoft සමාගමේ logo එක ද කැටයම් කර තිබෙන ආකරය දැකගත හැකිය.

මෙම Volterra එක සමඟින් Microsoft සමාගම විසින් native ARM architecture මත පදනම්ව Windows සඳහා app develop කිරීමට මෙන්ම program කිරිමට development tools කිහිපයක්ද කිසිඳු simulation එකක් නොමැතිව Windows ARM මත ධාවනය කිරිමේ හැකියාව ලබාදී තිබෙනවා.

  • Full Visual Studio 2022
  • Visual C ++
  • Modern .NET 6 and Java
  • Classic .NET Framework
  • Windows Terminal
  • Linux, Android apps සදහා WSL සහ WSA
💡
විශේෂයෙන් ම කිවයුතුයි Microsoft සමාගම විසින් මෙම Project Volterra Mini Pc එක නිර්මාණය කර ඇත්තේ ARM architecture මත පදනම්ව AI සහ Windows සඳහා applications build කරන developer ල සඳහා බවද මෙය ඕනැම කාර්යයක් (multipurpose) ඉටු කරගැනිමට භාවිතා කලහැකි පරිගණකයක් ලෙස වෙලෙද ප්‍රචාරක දැන්වීම් ද නොදමන බවට එම සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙය මිල දී ගෙන එය සාමාන්‍ය පරිගණකයක් ලෙස භාවිතා කිරීමට පාරිභෝගිකයෙකු වශයෙන් ඔබට කිසිම බාධාවක් නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ windows developer blog අඩවිය සහ windowscentral.com වෙබ් අඩවිය සහ engadget.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.