පරිගණකය භාවිතා කරන වෙලාවට අපිට ගොඩක් වෙලාවට ඕන වෙන දෙයක් තමයි අපි screen එකේ screenshot එකක් ලබාගන්න එක.

මේක කරන්න PrintScreen Key එක press කරලා, MS Paint හෝ එවැනි මෘදුකාංගයකට ගිහින් Paste කිරීම හෝ Snipping Tool එක භාවිතා කරන එක වගේ විවිධ ක්‍රම කිහිපයක්ම මේ වෙනකොටත් අපි දන්නවා.

කොහොම වුණත් මේ හැම ක්‍රමේකදිම අපිට තවත් මොකක්හරි මෘදුකාංගයක් හරහා ගිහින් Screenshot එක ලබා ගන්න එක වගේම අපිට අවශ්‍යය කොටස පමණක් crop කරගන්න එක වගේ දේවල් කරගන්න clicks ගණනාවක process එකක් සිදු කරන්න වෙනවා.


නමුත් Share X කියන free software එක ඔයා භාවිතා කරනවා නම්, එක key එකක් press කරලා, Screenshot එකක් ගන්න එකට අමතරව ඒ photo එක image sharing වෙබ් අඩවියකට upload කරලා, ඒ upload කරපු file එකේ link එක clipboard එකට copy කරලත් දෙන්න මේ tool එකට හැකියාව තිබෙනවා.

Print Screen key එක press කලාට පස්සේ ඔයාට තියෙන්නේ ඒක යවන්න ඕන කෙනාට ඒ link එක ඕනම තැනක paste කරලා send කරන්න විතරයි.

ඒ වගේම ඔයාට අවශ්‍යය නම් මේ software එක භාවිතා කරමින් Ctrl + Print Screen වගේ shortcut එකක් භාවිතා කරමින් Screen එකේ අවශ්‍යය කොටස විතරක් capture කරගන්න වගේම capture කරපු screenshot එක මත මොනවාහරි අඳින්න/ලියන්න වුණත් පුළුවන්.

මීට අමතර ඔයා define කරන shortcut එක හරහා screenshot එක capture වීමෙන් පසුව automatically ම වෙන්න ඕන දේවල් මෙහි settings හරහා ඔයාට කැමති විදිහට වෙනස් කරන්නත් ඔයාට අවස්ථාව තිබෙනවා.

එමෙන්ම මේ හරහා capture කරන screenshots එහෙමත් නැතිනම් වෙනත් text එකක් වැනි දේවල් upload කරන්න ක්‍රම 80ක් පමණ මේ හරහා භාවිතා කිරීමේ අවස්ථාවත් ඔයාට ලැබෙනවා.

මේ ShareX tool එක free and opensource මෘදුකාංගයක්. ඒ කියන්නේ ඔයා developer කෙනෙක් නම් මෙහි source code එක අරගෙන ඔයා කැමති විදිහට වෙනස්කම් කරලා ඒක බෙදාහරින්නත් ඔයාට නිදහස තියෙනවා.

මේ tool එක හරහා animated GIF image එකක් විදිහට screen එක capture කරන්න වගේ තවත් මම සඳහන් නොකරපු ගොඩක් පහසුකම ලබාගන්න පුළුවන්. ඒ වගේම මේ tool එක 5MB වගේ size එකක් විතරක් වෙන අතරම නොමිලයේ download කරගන්නත් හැකියාව තිබෙනවා.

ඔයා මේ වෙනකන් මේ Share X tool එක භාවිතා කලේ නැත්නම්, 5MB ගැන නොහිතා ඒක අදම download කරගන්න අමතක කරන්න එපා. අවශ්‍යය වෙන වෙලාවට මේ හරහා ඉතුරු වෙන කාලය, මහන්සිය මිළ කරන්න බැරි තරම් වටිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගන්න වගේම මේක download කරගන්නත් ඔවුන්ගේ නිළ GetShareX වෙබ් අඩවිය භාවිතා කරන්න පුළුවන්.