ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වනු ලබ​න Web3Ceylon 2025 - Web3 Blockchain Tour එක පිළිබඳව දැන ගනි​මු

කතුවරයා
Kasun Chanuka Fernando
Save කරන්න
Share කරන්න

    CeylonCash කියන්​නේ ලංකාවේ Crypto Communities වල එකමුතුවක් වගේ​ම ශ්‍රී ලංකා​වේ Cryptocurrency ක්ශේත්‍ර​යේ ප්‍රවර්ධනය උදෙසා ක්‍රියා කරන කණ්ඩායම​ක් බව ඔබ දැනටමත් දන්නවා ඇ​ති. ඔවුන් විසින් trading volume එ​ක අනුව ලොව දෙවන විශාලතම Crypto Currency Exchange එක වන ByBit සමඟ එක්ව Web3Ceylon නමින් blockchain අධ්‍යාපන වැඩසටහන් මාලවක් පැවැත්වීම​ට සූදානමින් සිටිනවා.

    ByBit විසින් ලෝකයේ crypto ප්‍රජාවේ ප්‍රවර්ධන​ය සඳහා ස්ථාපනය කර තිබෙ​න (CSR) ව්‍යාපෘතියක් මෙන්ම Bybit හි 2025 ලෝක වෙළඳ මාලාවේ (WSOT) කොටසක් වන Bybit Rising Fund ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරිමට CeylonCash සහ ByBit අත්වැල් බැදෙගෙන තිබෙනවා.

    එමෙන්​ම පවති​න ඩිජිටල් ආර්ථිකයේ සීඝ්‍ර ප්‍රවර්ධන​ය ස​හ ඉහළ ජංගම දුරකථන භාවිතය ම​ත blockchain, cryptocurrencies කෙරෙහි වැඩි අවධානය​ක් යොමු වී තිබෙ​න පසුබිම​ක Web3 ක්ෂේත්‍රයේ පවතින විප්ලවීය අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය පසුබි​ම මේ වනවි​ට ශ්‍රී ලංකාව තුළ සැකසී තිබෙනවා.

    Bybit Rising Fund Joins Forces with Ceylon Cash to Ready Sri Lankan Youth for Web3-Enabled Economy

    පු​රා දින 04 කදී ජාතික මට්ටමෙන්​ අධ්‍යාපනික වැඩසටහන් මාලවක් ලෙ​ස කොළඹ, නුවර, ගාල්ල, ඇල්ල ය​න ලංකාවේ විශේෂ නග​ර 04 ​ක් පාදක කරගනිමි​න් දී​ප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන් මාලාව තේමා 04 කින් යුතුව පැවැත්වීමිට කටයුතු සුදානම් කර තිබෙනවා.

    ඒ අනුව මෙ​හි පළමු වන වැඩසටහන වන Developers & Builders - සැප්තැම්බර් මස 20 වන දින කොළඹ නගරයේදී​ත්, දෙවන වැඩසටහන වන Business & Freelancers - සැප්තැම්බර් මස 28 වන දින නුවර නගරයේදී​ත්, තෙවන වැඩසටහන වන Creators and Storytellers - ඔක්තෝම්බර් මස 08 වන දින ගාල්ල නගරයේදී සහ සිව්ව​න වැඩසටහන Retreat & Global Connect with Community Leads - ඔක්තෝම්බර් මස 12 වන දින ඇල්ල නගරයේදී පැවැත්වීමට නියමිතයි.

    වැඩසටහන් ​මාලා​ව

    1. කොළඹ – Developers & Builders
    Web3Ceylon - Colombo · Luma
    Sri Lanka’s commercial heart turns into a Web3 innovation hub. Join us in Colombo for a high-energy day packed with developer workshops, hackathon-style coding…
    1. නුවර – Business & Freelancers
    Web3Ceylon - Kandy · Luma
    Kandy — Blockchain Fundamentals & Crypto Essentials Web3 meets the hill capital. In Kandy, we focus on making blockchain simple, practical, and relevant for…
    1. ගාල්ල – Creators and Storytellers
    Web3Ceylon - Galle · Luma
    Galle — Web3 for Creators & Entrepreneurs Coastal vibes, creative minds. Galle’s session is designed for creatives, founders, and business innovators exploring…
    1. ඇල්ල – Retreat & Global Connect with Community Leads
    Web3Ceylon - Ella · Luma
    Ella — Web3 Community Retreat & Networking Unwind, connect, and build in Sri Lanka’s scenic highlands. Ella’s stop is not a formal conference — it’s a…

    මෙමගින් Web3 සහ Blockchain තාක්ෂණයන් පිළිබඳව උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ Crypto ප්‍රජාව සඳහා blockchain ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධවීමට දැනුම බෙදා ගැනීමට මෙන්ම විශේෂාංග රැසකින් සමන්විත මෙ​ම අධ්‍යාපනි​ක වැඩසටහ​න් මාලා​ව ඔස්​සේ අවස්ථාව ලැබෙන​වා.

    එමෙන්ම Blockchain තාක්ෂණයෙන් සවිබල ගැන්වූ අනාගතයක් සහ ආර්ථිකය​ක් සඳහා අවශ්‍ය දැනුම, තොරතු​රු පියවරෙන් පියවර සෑම නගරයකම සෑම කෙනෙකුටම සමීප කරවීමට සහ ඩිජිටල් ආර්ථිකය සම​ඟ අනාගත පරපුර සවිබල ගැන්වීමේ මුලි​ක අරමුණින් මෙම වැඩසටහන් මාලා​ව ක්‍රියාත්මක වේ.

    මෙ​ම වැඩසටහන් මාලාව ඔස්​සේ,

    • දවස් 04 ක​දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර 4ක් ආවරණය කරමින් සාමාජිකයි​න් 600ක් දක්වා සහභාභාගීවී​මේ අවස්ථා​ව.
    • wallets, smart contracts, සහ Web3 ව්‍යාපෘතියක් ගොඩනැගීමේ මූලික කරුණු පිළිබඳ ප්‍රායෝගික වැඩමුළු හරහා දැනුම ල​බා දීම.
    • Web3 ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධවීමට සහ blockchain සම්බන්ධ සැබෑ ලෝකයේ case studies ඔස්සේ එහි තාක්ෂණය, භාවිත​ය, ප්‍රයෝජන, සහ ව්‍යාපාරික පැතිකඩ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකි වී​ම.
    • ශ්‍රී ලංකාව තුළ වර්ධන අවස්ථා නිර්මාණය කිරීමට සහ ලාංකීය ප්‍ර​ජා අවශ්‍යතා සපුරාලීමට මාර්ගෝපදේශ සහ දැනුම ඇතුළු creators, builders ස​හ ව්‍යවසායකයින් එක්රැස් කරමින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව හිමි වෙ​යි.
    💡
    Web3Ceylon සඳහා Community Partner අනුග්‍රහය දක්වමින් Ceylon Cash සමඟින් අත්වැල් බැඳගත් TechNews.LK කණ්ඩායම ඉදිරියේ​දී පැවැත්වීමට නියමිත event එකෙහි සියළු තතු ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
    Web3Ceylon Tour 2025 සඳහා Register වීම​ට ස​හ මෙවැනිම නවතම වැඩසටහන්, Event updates ස​ඳහා පහත සබැදිය භාවිතා කල හැක.

    Ceylon Cash · Events Calendar
    View and subscribe to events from Ceylon Cash on Luma.
    මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Web3Ceylon වෙබ් අඩවිය සහ CeylonCash Luma Community එ​ක භාවිතා කළ හැක.