කෘමි සත්වයින්ගේ සැබෑ ජීවිතය අධ්‍යනය කිරීම සඳහා එම සතුන්ගේ පිටෙහි සවිකල හැකි රැහැන් රහිත ඉතා කුඩා කැමරාවක් සහිත Backpack එකක් නිර්මාණය කිරීමට Washington සරසවියේ පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබෙනවා.

මෙම කැමරාව හරහා කෘමීන්ගේ ජීවන වටපිටාව ස්වයංක්‍රීයව video වන අතර ඒවා smart උපාංගයක් හරහා නැරඹීමට හා අධ්‍යනය කිරීමට හැකියාව ලැබෙනවා.

250mg පමණ බරකින් යුතු මේ කුඩා කැමරාව, 60° ක් දක්වා rotate කල හැකි mechanical arm එකක් මත සවි කර ඇති අතර 120m ක එනම් ආසන්න වශයෙන් පාපන්දු පිටියක පමණ පරාසයක් ආවරණය කිරීමටත්, එමඟින් තත්පරයට රූප රාමු 1 ත් 5 ත් අතර ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

සාමාන්‍යයෙන් කැමරාවක් සඳහා බලය ලබාදීමට තරමක් විශාල බැටරියක් අවශ්‍ය වන අතර එවැනි බැටරියක් දරාගෙන කෘමියෙකු ට පියෑඹීමට හැකියාවක් ලැබෙන්නේ නැති බව ඔබට වැටහෙනු ඇත.

මේ නිසා පර්යේෂකයින් විසින් අඩු වෝල්ටියතාවයකින් යුත් බැටරියක් මෙම කැමරාවට යොදාගෙන ඇති අතර, අඩු බළශක්තියකින් ක්‍රියාත්මක වන wireless camera system එකක් වන මෙය භාවිතා කරමින් ලබාගත හැකි වන්නේ කළු සුදු ඡායාරූප පමණක් බවයි පර්යේෂකයන් පවසන්නේ.

A GoPro for beetles: Researchers create a robotic camera backpack for insects
Researchers at the University of Washington have developed a tiny wireless steerable camera that can ride aboard an insect or an insect-sized robot.

මෙම තාක්ෂණය සහිත කැමරාව භාවිතා කරමින් ඉතා කුඩා රොබෝ කෙනෙකු නිර්මාණය කිරීමට පර්යේෂකයින් කටයුතු කරමින් සිටින අතර නමුත් මෙලෙස කුඩා රොබෝවරයෙක් පාවිච්චි කිරීමට වඩා කෘමියෙකුට කැමරාවක් සවිකිරීම සෑම අතින්ම වාසිදායක වන බවත්, ඊට හේතුව නම් රොබෝවරයකු ට යා නොහැකි ගල්ගොඩැලි ආදී බාධක සහිත පරිසරයක ට පවා කෘමියෙකු ට පියෑඹීමට හැකියාව තිබීම බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ නිසා කෘමි සතුන් ගේ ඇස් වලින් ලෝකයේ පෙනෙන්නේ කුමන ආකාරයෙන් ද, එහෙමත් නැතිනම් කෘමි සතුන්ගේ ලෝකය දෙස first person view එකකින් බැලීම හරහා, සිදු කරන පරීක්ෂණ වලට මෙම කැමරා තාක්ෂණය නව ප්‍රවේශයක් ලබා දෙනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය සහ BBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.