Asus විසින් අලුතින්ම ඉදිරිපත් කරන Zenfone Max Pro (M1) Device එකෙන් Asus ලා ඉන්දියානු වෙළදපල තුල විශාල වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. Budget එකට ගැලපෙන විදිහට Xiaomi ලා Top Spec එකක් එක්ක Phones ඉදිරිපත් කල නිසා ඉන්දියාව තුල වේගයෙන් Xiaomi Phones ජනප්‍රිය වුණා. මේ ජනප්‍රිය බවට බලපෑමක් ඇති කිරීමට Zenfone Max Pro (M1) එකට හැකියාවක් ලැබේවි යැයි අපිට අනුමාන කරන්න පුළුවන්.

Zenfone Max Pro (M1) එකේ Spec හා Price බලමු

Qualcomm Snapdragon 636 processor එකකින් Zenfone Max Pro (M1) Phone එක බලසම්පන්න කරලා තියනවා. මේ processor එකම තමයි Xiaomi Redmi Note 5 Pro එකෙත් බාවිතා වෙන්නනෙත්. Top Model එකේ 6GB of RAM හා 64GB storage එකක් මෙන්ම low-end model වල පිළිවෙලින් RAM - 3GB,4GB හා Storage - 32GB. low-end model එකක් ඉන්දියානු රුපියල් 10,999 (26,000 LKR) වගේ අඩු මුදලකට ලබා ගැනීමට පුළුවන්.

Zenfone Max Pro M1

ASUS ලා Zenfone Max Pro (M1) launch කරන්නේ Stock Android 8.1 Oreo ඒ කියන්නේ Google එකෙන් release කරන pure Android OS එක. Disply එක ගැන කතා කලොත් 5.99-inch 18:9 2160×1080 LCD display එකක් තමයි මේකට තියෙන්නේ. 13 Mega pixel සහ 5 Mega pixel Camera දෙකකින් සමන්විත වන අතර 8 Mega pixel front camera එකකින් ද සමන්විත වෙනවා. ඒ වගේම LTE හා VoLTE, 5,000 mAh battery එකක්, fingerprint scanner මෙන්ම තවත් සිත් ඇදගන්න සුළු විශේෂත්ව රශියකින් මෙය සමන්විත වෙනවා.

Zenfone Max Pro (M1) එක Sale කරන්න බලාපොරොත්තු වෙන්නේ මැයි මස 3න් වනදා සිට වන අතර මිල ගණන් ගැන කතා කළහොත් 6GB RAM model එක ඉන්දියානු රුපියල් 14,999 (36,000 LKR) වන අතර 4GB RAM + 64GB storage model එක ඉන්දියානු රුපියල් 12,999(31,000 LKR) සහ 3GB RAM + 32GB storage ඉන්දියානු රුපියල් 10,999(26,000 LKR) පමණ වේ.