2025 වර්ෂයේ එළිදැක්වීමට නියමිත iPhone 17 series එකට ProMotion තාක්ෂණයෙන් සමන්විත display ඇතුලත් කිරීමට සූදානම් වන බව මේ වන විට වාර්තා වෙනවා.


මේ දක්වා නිකුත් වුණු iPhone series වල Pro models වලට පමණක් සීමා වී තිබුණු මේ ProMotion display technology එක iPhone 17 series එකත් සමඟින් සාමාන්‍යය (Pro නොවන) iPhone 17 මාදිලි වලට ද ලබාදීමට කටයුතු කරනු ලබන බව (Weibo-වෙබ් අඩවිය පාදක කරගත්) Chinese leaker කෙනෙකු වන Digital Chat Station වාර්ථා කරනවා.

Apple සමාගම මෙය තවමත් නිළ වශයෙන් තහවුරු කර නොමැති අතර, මෙම ආරංචිය පාදක වී තිබෙන්නේ iPhone 17 series එකේ නිෂ්පාදන කටයුතු සඳහා components සපයන සැපයුම්කරුවන්ගේ තොරතුරු අනුවයි.

දැනට වෙළඳපොලේ පවතින iPhone 16 සහ iPhone 16 Plus මාදිලි වල අන්තර්ගත වන්නේ LTPO panels භාවිතා කර නිෂ්පාදනය කරනු ලැබූ display එකක් වන අතර මෙහි උපරිම refresh rate එක (තත්පරයක් තුළදී refresh වන වාර ගණන) 60Hz කි.

ProMotion display වල විශේෂත්වය වන්නේ මෙම display වලට 1Hz සිට 120Hz දක්වා පරාසයක refresh rate එක පවත්වාගත හැකි වීමයි. මේ හරහා battery power එක අඩුවෙන් භාවිතා කරමින් always-on display option එක ලබාදීමට හැකියාව ලැබෙන අතරම, frame rate එක වැඩියෙන් අවශ්‍යය වන (scrolling, gaming, video) වැනි අවස්ථා වලදී ඊට අනුරූපව වඩාත් වැඩි frame rate එකක් ලබාදිය හැකි වෙනවා.

විශේෂයෙන්ම මේ හැහා Lock Screen එකෙහි always-on time, widgets, සහ notifications වැනි පහසුකම් සාමාන්‍යය iPhone මාදිලි වලත් භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා MacRumors වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.