2015 වර්ෂයේ අවසාන වරට iPod Touch device එකක් නිකුත් කිරීමෙන් අනතුරුව මේ දක්වා iPod Touch එක update කිරීමට Apple සමාගම කටයුතු නොකළ බව ඔබ මේ වන විටත් දන්නවා ඇති.

කොහොම නමුත් ඊයේ දිනයේ මේ iPod Touch නිෂ්පාදන මාලාවේ අලුත්ම device එක හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කරනු ලැබුවා.

මේ අලුත් iPod Touch එකට Apple iPhone 7 ජංගම දුරකථනයේ අන්තර්ගත වන A10 Fusion chip එක අන්තර්ගත කිරීමට මොවුන් කටයුතු කර ඇති අතර 256GB මාදිලියකින් ද මෙය වෙළඳපොලට හඳුන්වාදීමට මොවුන් තීරණය කර තිබෙනවා.

iPod නිෂ්පාදන මාලාවේ 7 වැනි device එක වන මෙය ඉහත සඳහන් කළ hardware වෙනස්කම් වලට අමතරව, සැළකිය යුතු වෙනත් කිසිවක් වෙනස් කිරීමට කටයුතු කර ඇති බවක් වාර්ථා නොවන අතර මීට කලින් නිකුත් කළ device එකේ පරිදි ම අඟල් 4ක display එක සහ හැඩය පවත්වාගෙන ඉදිරියට යෑමට Apple සමාගම තීරණය කර තිබෙනවා.

කොහොම නමුත් මේ අලුත් iPod Touch එකට Software හරහා Group FaceTime සහ Apple ARKit - Augmented Reality apps භාවිතා කිරීමේ හැකියාව ඇතුළු නව පහසුකම් කිහිපයක්ම එකතු කිරීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

එමෙන්ම මීට ප්‍රථමව නිකුත් කර තිබුණු මාදිලියට වඩා අලුත් මාදිලියේ processing power එක දෙගුණයක් පමණ වැඩි බවත්, graphic processing වේගය තුන් ගුණයකින් පමණ වැඩි බවත් Apple වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මීට අමතරව Apple Arcade Gaming subscription සේවාව මේ iPod Touch එකට ද හඳුන්වාදීමට මොවුන් කටයුතු කරනු ලබන බව පෙනෙන්නට ඇති අතර processor එක සහ graphic processor එක පමණක් update කිරීමට මෙය හේතුවක් විය හැකි බව අනුමාන කෙරෙනවා.

මේ අලුත් iPod Touch 32GB device එකක් ඩොලර් 199කට ද, 128GB device එකක් ඩොලර් 299කට ද, 256GB device එකක් ඩොලර් 399කට ද අලෙවි කිරීමට Apple සමාගම තීරණය කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple Newsroom වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.