පසුගිය සැප්තැම්බර් 12 වැනිදා Apple සමාගම ඔවුන්ගේ අලුත්ම iPhone මාදිලි කිහිපය එළිදැක්වීමට කටයුතු කළා මතක ඇති.

මේ එළිදැක්වීමත් සමඟම Apple සමාගම ඔවුන්ගේ iPhone X පැරණි මාදිලිය අලුතින් නිෂ්පාදනය කිරීම නවත්වනු ලැබුවත්, අලුත් මාදිලි වලට පවතින අඩු ඉල්ලුම නිසාවෙන් මෙම පැරණි iPhone X මාදිලියේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට කටයුතු කරනු ලබන බව දැනගන්නට ලැබෙනවා.

අලුතින් එළිදැක්වූ iPhone Xs සහ iPhone Xs Max යන මාදිලි වල ඉහළ මිළ නිසාවෙන් ඇමෙරිකාවේ iPhone පාරිභෝගිකයන් බොහෝ දෙනෙකු iPhone XR මාදිලිය මිළදීගැනීමට කටයුතු කරනු ලබන බවක් දකින්නට ලැබුණා.

කොහොම නමුත් මේ iPhone XR මාදිලියේ අන්තර්ගත අඩු quality එකකින් යුතු display එකත්, camera එක හා අඩු data speed එකත් නිසාවෙන් ජපානය වැනි රටවල් වල මෙය එතරම් ජනප්‍රියත්වයට පත් ‍නොවූ අතර, ඒ වෙනුවට ඔවුන් පැරණි iPhone X මාදිලිය ම මිළට ගැනීමේ ප්‍රවණතාවයක් දකින්නට ලැබුණා.

මේ ‍හේතුව නිසාවෙන් දැනට දැනගන්නට ලැබෙන තොරතුරු අනුව අලුත් iPhone මාදිලි ත්‍රිත්වයෙහිම නිෂ්පාදනය කටයුතු මදක් අඩු කර ඒ වෙනුවට පැරණි iPhone X මාලිදියේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළ බව දැනගන්නට ලැබෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Digital Trends වෙබ් අඩවිය භාවිතා කළ හැක.