Apple සමාගම විසින් ඔවුන්ගේ iCloud Keychain එක තුළ store කරන ලද passwords, Chrome වල Windows සහ Mac සංස්කරණ ද්විත්වය තුලදීම භාවිතා කළ හැකි වන ලෙස extension එකක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව Mac සහ Windows පරිගණක අතර නිතර මාරු වෙමින් වැඩ කරන පුද්ගලයින් හට තමන්ගේ iCloud Keychain එකේ ඇති passwords පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාව ලැබෙන අතර, මේ වන විට මේ iCloud Passwords extenstion එක නිළ Chrome Web Store එක හරහා download කරගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා.

iCloud Passwords
iCloud Passwords allows you to use the same strong Safari passwords you create on your Apple device with Chrome on Windows.

මේ හරහා ඔබ Safari තුළදී generate කළ passwords, Chrome මතදී භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට අමතරව, Windows සඳහා වන Chrome Browser එක මතදී අලුත් password generate කිරීම සහ එහි දැනටමත් ඇති passwords iCloud එකට sync කිරීමේ හැකියාව ද ලැබෙනවා.

එමගින් Chrome browser එක තුළ භාවිතා කළ logins, ඔබගේ Apple devices තුළදී ද භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Engadgetවෙබ් අඩවිය භාවිතා කළ හැක.