Google සමාගම විසින් 2019 වර්ෂයේදී පැවති ඔවුන්ගේ Made by Google event එක අතරතුරදී නිළ වශයෙන් Google Stadia සේවාව හඳුන්වාදීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Google සමාගම විසින් Made by Google 2019 event එක අතරතුර සිදු කළ ප්‍රධානතම එළිදැක්වීම් ගැන දැනගනිමු
Google සමාගමේ වාර්ෂිකව පැවැත්වෙන hardware event එක වන Made by Google event එකේමේ වර්ෂය සඳහා වූ event එක ඊයේ දිනයේ New York නගරයේදී පැවැත්වීමට කටයුතු කළා. ලොව පුරා බොහෝ දෙනෙකු මේ event එක දෙස නොයිවසිල්ලෙන් බළා සිටින්නේ මෙහිදී ප්‍රධානවශයෙන්ම Google Pixel ජංගම දුරකථන මාලාවේ අලුත්ම ජංගම දුරකථනය එළිදැ…

මෙම Google Stadia සේවාව ආරම්භ කිරීමට සමගාමීව, ඔවුන්ගේම original games නිර්මාණය කිරීම සඳහා in-house game development division එකක් ද ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවා.

කොහොම නමුත් මේ වන විට එම in-house game development studio එක නතර කර, ඒ වෙනුවට වෙනත් game නිර්මාණය කරන්නන්ගේ games වෙතට සම්පූර්ණ අවධානය යොමු කිරීමට කටයුතු කරන බව Google සමාගම නිවේදනය කර තිබෙනවා.

Focusing on Stadia’s future as a platform, and winding down SG&E
We’re expanding our efforts to help game developers and publishers take advantage of our platform technology, and winding down SG&E.

හොඳ තත්ත්වයේ games නිර්මාණය කිරීමට නම් වසර ගණනාවක් තිස්සේ සැළකිය යුතු මුදලක් ඒ සඳහා ආයෝජනය කිරීමට සිදු වන බවත්, දිනෙන් දින ඊට අදාල වියදම ඉහළ යන බව Google Stadia හි general manager වන Phil Harrison පෙන්වා දෙනවා.

මේ අනුව "Stadia Games and Entertainment" යන වෙළඳ නාමය යටතේ පැවතුණු Los Angeles වල සහ Montreal වල පැවති game studios නවත්වාදැමීමට කටයුතු කෙරෙනු ලැබෙනු ඇති අතර, එහි සිටින සේවකයින් වෙනත් තනතුරු වලට මාරු කිරීමට ද කටයුතු කෙරෙනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.