Apple සමාගම විසින් ඔවුන්ගේ original HomePod එක, එනම් HomePod එකෙහි full-size version එක නිෂ්පාදනය කිරීම හෝ තවදුරටත් වැඩිදියුණු කිරීම නතර කර දැමීමට තීරණය කර ඇති බව මේ වන විට වාර්තා වෙනවා.

TechCrunch වෙබ් අඩවියට ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් දැනුම්දී ඇත්තේ HomePod එක වෙනුවට HomePod mini device එක කෙරෙහි ඔවුන්ගේ සම්පූර්ණ අවධානය යොමු කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ලබන බවයි.

කොහොම නමුත් දැනට නිශ්පාදනය කර ඇති HomePod devices තවදුරටත් Apple අලෙවි නියෝජිතයින් හරහා අලෙවි කරනු ඇති බවත්, එම devices සඳහා ඉදිරියටත් software updates සහ support එක ලබාදීම ද සිදු කරනු ලබන බවත් Apple සමාගම වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.

මේ HomePod එක ඇමෙරිකානු ඩොළර් 349ක මිලකට හඳුන්වාදුන් අතර, පසුව එහි මිළ ඩොළර් 299 දක්වා අඩු කිරීමට Apple සමාගම කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් මෙම device එකට ලැබුණු අඩු වෙළඳපොල ආකර්ශනය විශේෂයෙන්ම මෙම නතර කිරීමේ තීරණයට දැඩි ලෙස බළපා ඇති බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.