OnePlus සමාගම විසින් smartwatch එකක් එළිදැක්වීමට සූදානම් වන බව පසුගිය වසර කිහිපය තිස්සේම වාර්තා වුණු අතර, ඒ පිලිබඳව TechNews.LK කණ්ඩායම ඔබව කිහිප අවස්ථාවකදීම දැනුවත් කළා මතක ඇති.

OnePlus සමාගම විසින් 2021 වර්ෂ‍යේදී smartwatch එකක් එළිදැක්වීමට සූදානම් වන බව නිළ වශයෙන් නිවේදනය කරයි
OnePlus සමාගම විසින් ඔවුන්ගේම smartwatch එකක් නිකුත් කිරීමට සූදානම් වන බව මෙන්මඒ පිළිබඳව පසුගිය වසර පුරාවට විවිධ තොරතුරු වාර්තා වුණු අතර ඒ පිළිබඳව අපි ඔබවකිහිප අවස්ථාවකදීම දැනුවත් කළා මතක ඇති. OnePlus Watch නමින් smartwatch එකක් එළිදැක්වීමට OnePlus සමාගම සූදානම් වන ලකුණුOnePlus යනු මේ වන විට ජංග…

එමෙන්ම මීළඟ මාර්තු 23 වැනි දින OnePlus 9 series එක එළිදැක්වීමට OnePlus සමාගම සූදානමින් සිටින අතර, මෙම event එක අතරතුරදී OnePlus smartwatch එක ද එළිදැක්වීමට ඔවුන් සූදානමින් සිටින බව මේ වන විට නිවේදනය කර තිබෙනවා.

මූලිකව මෙම watch එක WearOS එක මගින් බළගැන්වීමට OnePlus සමාගම විසින් කටයුතු නොකරනු ඇති බව වාර්තා වුවත්, පසුව OnePlus සමාගමෙහි ප්‍රධානියා වන Pete Lau විසින් ප්‍රකාශ කර සිටියේ ඔවුන් WearOS ecosystem එක වැඩිදියුණු කිරීම සඳහා Google සමාගම සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ OnePlus Community වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.