මේ වන විට Social Media වල ව්‍යාජ Likes සහ Followers වැනි දෑ මිලදීගැනීමට ලොව පුරා විවිධ විදිහේ ක්‍රමවේදයන් තිබෙන අතර එයින් ප්‍රධානතම ක්‍රමය වන්නේ ඒවා මිලදී ගැනීමයි.

කොහොම වුණත් Social Media සියල්ලකම පාහේ මේ ආකාරයේ Fake, එහෙමත් නැතිනම් ව්‍යාජ followers ලා, Likes, Share ලබා දීම නීත්‍යානුකූල නොවන අතර, මේ ආකාරයේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය නවසීලන්ත සමාගමකට විරුද්ධව නඩු පැවරීමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා.

Likesocial.co සහ IGFamous.net යන වෙබ් අඩවි හරහා පෙනී සිටි මේ සමාගම විසින් Instagram Platform එක මත ව්‍යාජ likes, shares සහ followers අලෙවි කිරීමට කටයුතු කරමින් සිට තිබෙන අතර මෙම ක්‍රියාවලිය සිදු කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කළ bots භාවිතා කිරීමට ද ඔවුන් කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

මේ ආයතනය 2015 වර්ෂයේ සිට පවත්වාගෙන ගොස් ඇති අතර 2018 වර්ෂය වන විට Facebook සමාගම විසින් මෙම ක්‍රියාවලිය නවත්වන ලෙසට මොවුන්ව දැනුවත් කිරීමට කටයුතු කර තිබෙන නමුත්, ඔවුන් එම ආයතනය වසා දමා වෙනත් නමකින් එම ව්‍යාපාරය පවත්වාගෙන යාමට කටයුතු කර තිබෙනවා.

මිලියන ගණනක් වූ මේ ආකාරයේ ව්‍යාජ likes සහ accounts ඉවත් කිරීමට Facebook සමාගම මේ වන විට කටයුතු කර තිබෙන නමුත් මේ ව්‍යාජ likes හරහා මේ වන විට ඩොලර් මිලියන 9.4ක පමණ මුදලක් උපයාගැනීමට මොවුන් සමත් වී ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මීට අමතරව පසුගිය මාසය තුලදී මෙලෙස fake likes අලෙවි කළ චීන සමාගම් කිහිපයකට විරුද්ධව ද නඩු පැවරීමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Facebook Newsroom එක හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.