Apple සමාගම විසින් ඔවුන්ගේ මීළඟ Event එක ලබන මාර්තු මාසයේ 25 වැනි දින Steve Jobs Theater හි දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව මේ වන විට නිළ වශයෙන් තහවුරු කර තිබෙනවා.
Please join us for an Apple special event
— Matthew Panzarino (@panzer) March 11, 2019
at the Steve Jobs Theater in Cupertino.
March 25, 2019
10:00 a.m.
The email played a short film reel countdown animation on opening. pic.twitter.com/a2COFjMIpA
මේ Event එක සඳහා මොවුන්ගේ තේමාව, එහෙමත් නැතිනම් Tagline එක වී තිබෙන්නේ "It's show time." යනුවෙන් වන අතර ඒ සඳහා නිර්මාණය කර ඇති GIF image එකකින් countdown එකක් ද පෙන්වීමට කටයුතු කර තිබෙනවා.

Apple used the same tagline in 2006 for the event at which it previewed what would become Apple TV pic.twitter.com/8kq2bPymMa
— John Paczkowski (@JohnPaczkowski) March 11, 2019
මේ අනුව මෙම event එක අතරතුරදී Apple සමාගම විසින් ඔවුන්ගේ TV සහ Movies service එකක් මෙන්ම තවත් Apple News Magazines වැනි subscriptions කිහිපයක් එළිදක්වනු ඇතැයි බොහෝ දෙනා මත පළ කරනු ලබනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.