Adobe එහෙමත් නැතිනම් Macromedia Shockwave Player කියන නම වසර කිහිපයකට ප්‍රථමව ඉතාමත් හුරු පුරුදු ගතියක් දැනවුවත් ගොඩක් වෙලාවට මේ වන විට අන්තර්ජාලය භාවිතා කිරීමේදී දකින්නට නොලැබෙන තරම් වන බව ඔබ දන්නවා ඇති.

මේ Shockwave Player එක මුලින්ම 1995 වර්ෂයේදී Macromedia සමාගම විසින් හඳුන්වා දුන් අතර අන්තර්ජාලය හරහා භාවිතා කළ හැකි කුඩා games හා විවිධ multimedia applications ධාවනය කිරීම සඳහා මේ plugin එක අත්‍යවශයය වූ කාලයක් තිබුණා.

2005 වර්ෂයේදී Macromedia සමාගම Adobe සමාගම විසින් මිලට ගැනීමෙන් අනතුරුව මෙය Adobe Shockwave වුණු අතර, 2017 වර්ෂයේදී මේ Shockwave සඳහා application නිර්මාණය කරනු ලබන Adobe Director මෘදුකාංගය හා, macOS සඳහා වූ Shockwave player එක නවත්වා දැමීමට Adobe සමාගම කටයුතු කරනු ලැබුවා.

කොහොම වුණත් Windows වලට Shockwave player එක සඳහා මේ වනතුරු නිළ සහාය මෙන්ම updates ලබා දීමට Adobe සමාගම කටයුතු කලත්, 2019 වර්ෂයේ අප්‍රේල් මස 9 වැනිදා සිට එය නවත්වා දැමීමටත්, එදින සිට windows සඳහා වන Shockwave player එක download කරගැනීමේ අවස්ථාව ඉවත් කිරීමටත් මොවුන් තීරණය කර තිබෙනවා.

මීට අමතරව මේ ආකාරයෙන්ම Adobe Flash Player එක ද ලබන වසරේදී නවතා දැමීමට මොවුන් සූදානම් වන බව ද මේ වන විට වාර්ථා වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Adobe Help page එක, Softpedia වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.