Module, එහෙම නැතිනම් කොටස් ගැලවිය හැකි ජංගම දුරකතනය පිළිබඳ සංකල්පය තාක්ෂණික ලෝකයේ බොහෝ ඈතට දිවයන්නක් වෙනවා.

LG, Motorola වැනි සමාගම් මෙම තාක්ෂණය සහිත උපාංග මීට පෙර හඳුන්වා දී තිබුණද පාරිභෝගික ආකර්ෂණය අවශ්‍ය තරම් හිමි නොවීමේ පසුබිම තුළ එම සංකල්පයන්, හුදෙක් සංකල්ප පමණක් බවට පත් වී තිබුණා.

මේ අතර ඉතා ආකර්ෂණීය module, එහෙම නැතිනම් ගැලවිය හැකි Sselfie කැමරාවක් සහිත Vivo IFEA ජංගම දුරකථනය "Red dot design award" එක දිනා ගන්නට පසුගියදා සමත් වූ අතර, මෙම උපාංගයේ ඇති selfie කැමරාව ප්‍රධාන උපාංගයෙන් ගලවා ඉවත් කර වෙනත් ඕනෑම ස්ථානයක තබා ඡායාරූප ලබාගැනීම කළ හැකි වෙනවා.

මෙලෙස කැමරාව වෙන් කිරීමෙන් පසුව එය දුරස්ථව පාලනය කිරීමට හැකියාව තිබෙන අතර ජංගම දුරකථනයකින් ලබාගත නොහැකි ඉතා සියුම් සහ විවිධ කෝණවලින් ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීමට මෙම තාක්ෂණය මගින් හැකියාව ලැබෙනවා.

Pop-up කැමරාවක් වන මෙය magnet එකක් මඟින් Pop-up module එකට සම්බන්ධ වී තිබෙන අතර, එය manually ගලවා ඉවත් කර, ඡායාරූප හෝ වීඩියෝ ලබාගෙන නැවත සම්බන්ධ කර කැමරා app එකෙන් ඉවත් වීමෙන් පසු සාමාන්‍යය Pop-up කැමරාවක් මෙන් එය නැවත දුරකථනය තුලට ගිලා බසිනවා.

ගලවා ඉවත් කිරීමෙන් පසු voice commands වලින් මෙම selfie කැමරාව පාලනය කිරීමට පරිශීලකයන්ට ඉඩලබාදෙන අතර මෙම උපාංගයට "Red Dot design award" එක ලැබීමට එම හැකියාවද ප්‍රධාන සාධකයක් වූ බව Red Dot වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

නමුත් මෙහිදී මෙම camera module එක ගලවා ඉවත් කල පසු එය නැවත සවි කිරීමට පරිශිලකයාට අමතක විය හැකි බැවින් ඊට විසඳුමක් ලෙස camera module එක හා දුරකථනය අතර සැළකියයුතු දුරක් ඇති වුවහොත් දුරකථනය විසින් පරිශීලකයාට අනතුරු ඇඟවීමක් සිදුකරන බව Vivo සමාගම පෙන්වා දෙනවා.

Red Dot Design Award: IFEA Camera Mobilephone
IFEA is designed to equip smartphones with a detachable front camera. It is an attempt to build a new photography system that is separate from the mobile phone. IFEA integrates enhanced user-friendly shooting features with the smartphone. With IFEA, users...

Red dot award යනු ජර්මනියේ "Red dot GmbH & Co.KG" සමාගම විසින් වාර්ෂිකව පිරිනමනු ලබන සම්මානයක් වන අතර මෙමගින් Product Design, Brand Design, Communication Design ආදී Category වලට නිර්මාණකරුවන්ට ඉල්ලුම් කලහැකි අතර වඩාත්ම නිර්මාණාත්මක Design සඳහා සම්මාන ලබාදීම සිදු කෙරෙනවා.

Vivo Nex ජංගම දුරකථනය සමගින් ලොව පළමු Pop-Up කැමරාව සහිත ජංගම දුරකථනය නිකුත් කළ සමාගමද Vivo වන අතර, පසුකාලීනව Samsung වැනි ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන නිෂ්පාදකයින් මෙන්ම OnePlus, Oppo, Huawei වැනි සමාගම්ද මෙම Pop-up කැමරා තාක්ෂණය විවිධ වෙනස් කම් සහිතව සිය උපාංගවලට භාවිතා කරනු දැකිය හැකි වුණා.

කොහොම වුනත් Vivo සමාගම පවසන්නේ දැනට මෙම උපාංගය Concept උපාංගයක් පමණක් බවත්, මෙම උපාංගය වාණිජමය උපාංගයක් බවට පත් කළ හැකි ආකාරය තවදුරටත් තක්සේරු කිරීම අඛණ්ඩව සිදුකිරීමට බලාපොරොත්තු වන බව වන අතර, ඒ අනුව මෙම උපාංගය යථාර්ථයක් බවට පත් වීමට විශාල ඉඩක් පවතිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.