චන්ද්‍රිකා කියන්නේ මේ වෙනකොට බොහෝම ප්‍රයෝජනවත් මෙන්ම නැතිවම බැරි දෙයක් බවට පත් වෙලා තියනවා. නමුත් මේවා නරක පුද්ගලයෙකුගේ ග්‍රහණයට හසුවීමකින් මහත් විනාශකාරී ප්‍රතිඵල අත්විඳින්නට සිදු වෙන්න අවස්ථාව තිබෙනවා.

බොහෝමයක් රටවල් වලින් මේ චන්ද්‍රිකා ගුවන්ගත කරන්නට කටයුතු කළත්, ඒවායේ ආරක්ෂාව පිළිබඳ නම් යොමු කර තිබෙන අවධානය බොහොම අඩු බව මේ වන විට වාර්ථා වෙනවා.

දැනට තිබෙන චන්ද්‍රිකා වෙත හැකර් ප්‍රහාර එල්ල කර ඒවා තමන් සතු කර ගැනීමට හැකර් කරුවන් පිරිසක් වෙහෙසෙන බව symantec ආයතනය පසුගිය ජූනි අග සතියේ පළ කළ වාර්තාවකින් පෙන්වා දෙන්නට කටයුතු කලා.

ඔවුන් හට එම මොහොතේ අවශ්‍යතාවක් තිබුනේ නම් මේවා තමන් සතු කර ගැනීමට ද අවස්ථාව තිබුණත් යම් වාසනාවකට ඔවුන් එසේ කිරීමට කටයුතු කර නොමැති අතර ඔවුන්ගේ දක්ෂතාවය පමණක් පරීක්ෂා කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල කොට තිබෙන්නේ අන්තර්ජාලය ඔස්සේ කප්පම් ලබා ගන්නා හැකර් කරුවන් පිරිසක් නොවන අතර අන්තර් ජාලය ඔස්සේ යම් ඔත්තු බලන පිරිසක් විසිනි.

Symantec ආයතනය විසින් ප්‍රකාශ කරන පරිදි Thrip නම් වූ මෙම hacker කණ්ඩායම 2013 වර්ෂයේ සිට මෙලෙස විවිධ අවස්ථා වලදී hack කිරීම් කටයුතු කරගෙන ගොස් ඇති අතර මේ සඳහා අදාල යන්ත්‍ර වල මෙහෙයුම් පද්ධතියට අදාල tools ම භාවිතා කරන්නටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.

මොවුන් කොයිතරම් සූක්ෂමව අදාල පරිගණක පද්ධති වල හැසිරෙනවාද යත්, මොවුන් හඳුනා ගැනීම උදෙසා කෘතීම බුද්ධිය භාවිතා කරන්නට සිදු වී තිබෙනවා.

thrip-infographic-symantec-tech-news-sri-lanka

MapXtreme Geographic Information System (GIS) එක ධාවනය වන පරිගණක ඉලක්ක කර hacking ප්‍රහාරයන් එල්ල කිරීමට කටයුතු කළ මොවුහු Google Earth Server සහ Garmin imaging software යන machine hack කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මීට අමතරව මෙම hacker කණ්ඩායම විසින් අකුණු ආසියාව ආශ්‍රිත ප්‍රසිද්ධ දුරකථන සේවා සැපයම්කරුවන් තිදෙනෙකු ද මෙලෙස hack කිරීමට නතු කරගෙන ඇති අතර අදාල දුරකථන සමාගම් hack කළද එම සමාගම් වල පාරිභෝගිකයින්ට හානියක් නොකිරීමට ද මොවුන් වග බලාගෙන තිබෙනවා.