පසුගිය වසර කිහිපය අතරතුරදී Google සමාගම විසින් ක්‍රමයෙන් ඔවුන්ගේ Daydream VR platform එක වැඩිදියුණු කිරීම සහ එයට updates ලබාදීම අඩු කරමින් යන බවක් දැකගත හැකි වූවා.

මේ වන විට ඔවුන්ගේ නිළ support page එක හරහා නිවේදනයක් නිකුත් කරමින් Google සමාගම ප්‍රකාශ කර සිටින්නේ Android 11 සමඟින් මේ Daydream app එක සඳහා නිළ වශයෙන් සහාය දැක්වීම අවසන් කිරීමට කටයුතු කරනු ලබන බවයි.

Daydream service update - Daydream Help
Daydream VR software is no longer supported. You may still be able to access the service, but it won’t receive any more software or security updates.Daydream App support ending with Android 11Th

‍මේ අනුව Android 11 සහ ඊට පසුව නිකුත් කරනු ලබන මෙහෙයුම් පද්ධති හරහා බළගැන්වෙන devices වල මේ Daydream VR app එක හරි හැටි ක්‍රියාත්මක නොවනු ඇති බව ඔවුන් ප්‍රකාශ කර සිටින අතර මෙය වෙනමම app එකක් ලෙස Google Play Store එකේ තවදුරටත් පවතිනු ඇති බව ද වාර්ථා කර සිටිනවා.

Daydream - Apps on Google Play
Daydream brings high quality virtual reality (VR) to Daydream-ready phones. With the Daydream app, you can launch your favorite virtual reality experiences and browse from an ever-growing collection of apps and games. Explore new worlds, kick back in your personal VR cinema, and play immersive games…

පසුගිය වසරේ Google Pixel 4 ජංගම දුරකථනය එළිදැක්වීමේදී මේ Daydream VR platform එක ඒ සඳහා සහාය දක්වන බවක් ද ප්‍රකාශ කිරීමට කටයුතු නොකළ Google සමාගම Daydream View VR headset එක අලෙවි කිරීමද නවත්වාදැමීමට කටයුතු කර තිබුණා.

VR වෙනුවට Google සමාගමේ අවධානය AR වෙත යොමු වී ඇති අතර, පසුගිය වසර කිහිපය පුරාවට මේ තාක්ෂණය හරහා Google Maps වලට Live View පහසුකම ආදිය ලබාදීමට කටයුතු කරනු දැකගත හැකි වුණා.

එමෙන්ම මේ VR පහසුකම third-party developer වරුන් හට ද Android 11 වෙත එකතු කිරීමට නොහැකි වනු ඇති බව XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Support page එක, Android Police වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.