Arkansas විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් Graphene වල සිදුවන තාප ගතික චලනයන් (thermal motion) මගින් විදුලිය නිපදවා ගත හැකි circuit system එකක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙන බව වාර්තා වෙනවා.

මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥයා වන Professor Paul Thibado විසින් ප්‍රකාශ කරන ආකාරයට, මෙම circuit system එක මගින් clean, limitless, low-voltage current එකක් නිපදවාගැනීමට හැකියාව තිබෙන අතර එමගින් කුඩා electronic devices සහ sensors බලගැන්වීමට හැකියාව ලැබෙනවා.

මේ වනවිටත් Physical Review E-journal එකෙහි මෙම සොයාගැනීම පිළිබදව පළකර ඇති අතර එහි දක්වා ඇති ආකාරයට අනුව මෙම සොයාගැනීම Graphene සම්බන්ධ භෞතික විද්‍යාත්මක සිද්ධාන්තයක් පරීක්ෂණාත්මකව තහවුරු කිරීමකි.

ප්‍රකට භෞතික විද්‍යාඥයෙකු වන Richard Feynman ට අනුව පරමාණුවල සිදුවන තාප ගතික චලනයන් මගින් කාර්ය කිරීමේ හෝ බලයක් නිපදවීම කළ නොහැකි බැවින් Graphene මගින් බලයක් නිපදවීම විද්‍යාඥයන් අතර මතභේදාත්මක ගැටළුවක් ලෙස පැවතුණා.

Professor Paul Thibado ඇතුළු පරීක්ෂණ කණ්ඩායම මගින් නිපදවූ circuit system එක මගින් කාමර උෂ්ණත්වයේදී Graphene වල සිදුවන තාප ගතික චලනයන්ගෙන් AC ධාරාවක් නිපදවීමට හැකිව ඇති අතර, පසුව මෙම පරීක්ෂණ කණ්ඩායම විසින් මෙසේ නිපදවෙන AC ධාරාව DC ධාරාවක් බවට convert කළහැකි ලෙස circuit system එක develop කිරීමට කටයුතු කර තිබෙනවා.

කණ්ඩායමේ මීළඟ පරමාර්ථය වන්නේ මෙසේ ලබාගන්නා DC ධාරාව පසුකාලීන භාවිතය සඳහා ධාරිත්‍රකයක් තුළ ගබඩා කළ හැකිද යන්න පිලිබඳව සොයාබැලීම වන අතර ඔවුන්ගේ මූලික ඉලක්කය වන්නේ මෙම circuit system එක කුඩා කිරීම සහ එය silicon wafer එකක් හෝ chip එකක් මත ගොඩනැගීමයි.

මෙවැනි කුඩා circuits මිලියන ගණනක් වර්ග මිලිමීටර 1 ක chip එකක් මත ගොඩනගා ගත හැකි වුවහොත්, ඒවාට low-power battery සඳහා ආදේශකයක් ලෙස ක්‍රියා කිරීමට හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Arkansas විශ්ව විද්‍යාලයේ නිළ Blog අඩවිය, Phys වෙබ් අඩවිය සහ Science Daily වෙබ් අඩවිය භාවිතා කළ හැක.