පසුගිය වසර virtual assistant සේවාවන් සහිත Google Home, Amazon Echo වගේ devices වලට විශේෂ වසරක් බව අපිට දකින්න පුළුවන් වුණා.

ඔන්න දැන් ප්‍රථම වතාවට Amazon සමාගම විසින් ඔවුන්ගේ Alexa devices වල පැතිරීම පිළිබඳව නිළ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. මේ අනුව, මේ වන විට ලොව පුරා Alexa devices මිලියන 100කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට ඔවුන් සමත් වී ඇති බව වාර්ථා වෙනවා.

මේ අනුව Alexa අන්තර්ගත devices වර්ග 150ක් පමණ තිබෙන බවත් මේවා සමඟ සම්බන්ධ කළ හැකි නොයෙකුත් නිෂ්පාදකයන් 4,500 විසින් නිෂ්පාදනය කරනු ලබන smart home devices 28,000කට පමණ මේ devices හරහා නොයෙක් කාර්යයන් සිදු කර ගැනීමට අදාල වන Alexa skills 70,000ක් පමණ ඇති බව වාර්ථා වෙනවා.

Google Home devices සමඟ සැසඳීමේදී smart home platform එකක කළ හැකි කාර්යයන් අතින් Amazon Alexa මේ වන විට ඉදිරියෙන් සිටින බව දකින්නට ලැබෙනවා.

එමෙන්ම ඉදිරියේදී එළිදැක්වීමට නියමිත Alexa Auto device එක ලබා ගැනීම සඳහා invite එකක් ලබා ගැනීම සඳහා වෙනුවෙන් මේ වන විට මිලියනයක පමණ පිරිසක් sign up වී සිටින බවත් Amazon සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.