Amazon Alexa කියන්නේ මේ වන විට වෙළඳපොලේ වැඩියෙන්ම ජනප්‍රිය සේවාවන් අතරින් එකක් වන අතර smart speaker වෙළඳ අධිකාරියෙන් 41% ක් පමණ ප්‍රමාණයකට Amazon Alexa තනිවම හිමිකම් කියනු ලබනවා.

Amazon Alexa අන්තර්ගත කරන ලද අළුත් smart home devices 8ක් මෙම වසරේදී නිකුත් කිරීමට Amazon සමාගම බළාපොරොත්තු වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මේ අතරට microwave oven එකක්, car එකක් ඇතුලත කටයුතු හසුරුවන උපාංගයක්, home audio gear එකක් ඇතුළු තවත් devices කිහිපයක් ඇතුලත් වන අතර Amazon සමාගම විසින් මේ මාසයේ අග පැවැත්වීමට නියමිත event එකකදී නිළ වශයෙන් නිවේදනය කිරීමට බළාපොරොත්තු වෙනවා.

මේ අතරින් devices කිහිපයකට පමණක් Alexa අන්තර්ගත කිරීමටත්, අනෙකුත් device Alexa enabled devices, එහෙමත් නැතිනම් අදාල devices වල voice control පහසුකම සඳහා පමණක් Alexa enable කරගතහැකි ලෙස ඉදිරිපත් කිරීමටත් කටයුතු සූදානම් කරනු ලබන බව දැනගන්නට ලැබෙනවා.

‍කොහොම නමුත් Amazon සමාගමේ Alexa අන්තර්ගත කෙරුණු ප්‍රසිද්ධ device මාලවක් වන Amazon Echo යන වෙළඳ නාමය මෙම අළුත් devices සඳහා භාවිතා කරනු ලබන බවක් නම් තවමත් දැනගන්නට ලැබෙන්නේ නැහැ.