Amazon Go Store කියන්නේ 2016 වර්ෂයේදී මුලින්ම ආරම්භ කරන ලද Amazon සමාගමට අයත් වන grocery store එහෙමත් නැතිනම් සිල්ලර බඩු වෙළඳසැල් වර්ගයක්.

මෙහි තියන ප්‍රධානම වෙනස තමයි වෙනත් වෙළඳසැලක වගේ මුදල් අය කරන්න කෙනෙක් නොමැති වීම. ඒ වෙනුවට camera සහ වෙනත් sensors සිය ගණනක් භාවිතා කරමින් පාරිභෝගිකයින් විසින් ලබා ගන්නා භාණ්ඩ track කරනු ලබනවා.

මෙම වෙළඳසැලට පැමිණෙන සෑම පාරිභෝගිකයෙකුම Amazon Go app එක භාවිතා කළ යුතු වන අතර ඔවුන්ට අවශ්‍යය දේවල් රැගෙන වෙළඳසැලෙන් ඉවත්ව යාමට ඔවුන්ට නිදහස තිබෙනවා. අදාල පාරිභෝගිකයා වෙළඳසැලෙන් ඉවත් වන විටම ඔහු ලබාගත් භාණ්ඩ වලට අදාල මුලද ඔහුගේ Amazon account එකෙන් ස්ව්‍යංක්‍රීයව අය කරගැනීමට Amazon සමාගම කටයුතු කරනු ලබනවා.

ඉතින් මේ හරහා cashier කෙනෙකුගේ එහෙමත් නැතිනම් මුදල්අයකැමියෙකුගේ අවශ්‍යයතාවය ඉවත් කර තිබෙන අතර, පාරිභෝගිකයාගේ කාලයත් ඉතුරු කරගැනීමට අවස්ථාව ලැබෙන්නේ ඔහුට පෝලිම් වල රස්තියාදු වීමට සිදු නොවන බැවිනි.

Amazon සමාගමට මේ වන විට Seattle නගරය ආශ්‍රිතව Amazon Go Stores තුනක් තිබෙන අතර, මේ අළුත් Go Store එක Chicago නගරය ආශ්‍රිතව ආරම්භ කරන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. මේ සියළුම stores ගොඩක් විශාල ප්‍රමාණයේ ඒවා නොවන අතර දහවල් ආහාර, බීම වර්ග, රාත්‍රී ආහාර වැනි සකස් කළ ආහාර වර්ග සහ වෙනත් සිල්ලර භාණ්ඩ මේ stores හරහා මිළදීගත හැකි වෙනවා.