The Federal Emergency Management Agency(FEMA) එහෙමත් නැත්නම් අැමරිකාවේ හදිසි අාපදා කළමණාකරණ කාර්ය්‍යංශය ලබන මාසයේදී "Presidential Alert” ලෙස හදිසි අවස්ථාවකදී අැමරිකානු ජනාධිපතිවරයාට මුළු අැමරිකාවේම අැති සියලුම ජංගම දුරකථන සදහා පණිවිඩ යැවිය හැකි ක්‍රමයක් අත්හදා බැලීමට සැරසෙයි.

FEMA වෙබ් අඩවියේ ලිපියට අනුව ඔවුන් මේ අත්හදා බැලීමට සූදානම් වන්නේ ජනාධිපතිවරයාට හදිසි අවස්ථාවකදී මුලු රටම අැමතීමට හැකියාව සලසා දෙන මුල්ම "Presidential Alert" සේවාව වන අතර මෙම පණිවුඩ ලැබීම වැලැක්වීමට, එනම් එම සේවාවෙන් ඉවත් විමට කිසිවෙකුටත් නොහැකි ලෙස මෙය නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

October 3 වැනිදා එරට වේලාවෙන් දහවල් 2:18 ට මේ අත්හදා බැලීම කරන්න නියමිත වෙලා තිබෙන අතර එයින් මිනිත්තුවකට පසු TV, Radio සහ තවත් සේවාදායකයන් 100ක පමණ සේවාවන් හරහා එම නිවේදනය ම නැවතත් පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා.

“THIS IS A TEST of the National Emergency Alert System. This system was developed by broadcast and cable operators in voluntary cooperation with the Federal Emergency Management Agency, the Federal Communications Commission, and local authorities to keep you informed in the event of an emergency. If this had been an actual emergency an official message would have followed the tone alert you heard at the start of this message. A similar wireless emergency alert test message has been sent to all cell phones nationwide. Some cell phones will receive the message; others will not. No action is required.”

2006 වර්ෂයේ George W. Bush ජනාධිපතිවරයාගේ කාලයේදී මෙම සේවාව ආරම්භ කරන්නට යෝජනා කර තිබුණත්, එවකට සිටි උපදේශකයන්ගේ මග පෙන්වීම යටතේ මෙම සේවාව අවභාවිතයේ යෙදවිය හැකි අවධානම ගැන සළකා එය කල් දැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

ඒ වගේම FEMA හි නිළ වෙබ් අඩවියෙහි මේ ගැන සඳහන් කර ඇති ලිපිය හරහා මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්.