දැනට නිකුත් වී ඇති ‍බොහෝ smartphones වල camera app එකෙහි pro mode එකක් අන්තර්ගත වන අතර එමඟින් පරිශීලකයන් හ‍ට ISO, shutter speed, white balance සහ exposure වැනි දෑ තමන්ට කැමති ආකාරයෙන් වෙනස් කරගෙන photos ගැනීමට ඉඩ ලබා දෙනවා.

‍බොහෝ විට Pro mode එක මගින් RAW images capture කරගැනීමට ද හැකියාව ලැබෙන අතර එමඟින් capture කරගත් image එක .dng ලෙස save කරගැනීමට පරිශීලකයින් හ‍ට ඉඩ ලබා දී ති‍බෙනවා.

RAW සහ JPEG image අතර වෙනස

කෙසේ වෙතත්, RAW image capture කර ගැනීමෙන් බොහෝ වාසි ඇති අතර එහි අඩුපාඩු කිහිපයක් තිබෙනවා.

උදාහරණයක් ලෙස ඔබ JPEG වැනි පොදු format එකකින් image capture කර ගන්නා විට smartphones එක මඟින් රූපවල ඇති distortions හෝ exposure වැනි ගැටළු ස්වයංක්‍රීයව විසදෙන නමුත් ඔබ එය RAW image එකක් ලෙස save කරගන්නා විය processing කිසිවක් සිදු නොවන නිසා, මෙවැනි ගැටළු ස්වයංක්‍රීයව නිරාකරණය වන්නේ නැහැ.

මෙම ගැටළුව විසඳීම‍ට Android smartphones කිහිපයක් සඳහා ඒ ඒ devices සඳහා විශේෂිත වූ lens correction profiles, Adobe Photoshop සහ Lightroom සඳහා ලබා දීමට Adobe සමාගම විසින් කටයුතු කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

මෙම වසර මුලදී Adobe සමාගම විසින් මෑත කාලයේදී නිකුත් කරන ලද OnePlus 7T, Huawei Mate 30 Pro සහ LG G8 ThinQ වැනි devices කිහිපයක් සඳහා මෙලෙස lens correction profiles නිකුත් කර ඇති අතර දැන් තවත් devices කිහිපයක් සඳහා ඔවුන් Adobe Photoshop සහ Lightroom සඳහා සහය දක්වන පරිඳී lens correction profiles එකතු කර ඇත.

Lens correction profiles අලුතින් සහය දක්වන devices ලැයිස්තුවට ඇතුළත් වන්නේ:
  • Apple iPad (6th generation) back camera (JPEG)
  • Apple iPad (7th generation) back camera (JPEG)
  • Apple iPad Air (3rd generation) back camera (JPEG)
  • Apple iPad Mini (5th generation) back camera (JPEG)
  • Apple iPhone SE back camera (DNG+JPEG+HEIC)
  • Apple iPad Pro (11-inch, 2nd generation) wide-angle camera (JPEG+HEIC)
  • Apple iPad Pro (11-inch, 2nd generation) main camera (DNG+JPEG+HEIC)
  • Apple iPad Pro (11-inch, 2nd generation) front camera (JPEG+HEIC)
  • Apple iPad Pro (12.9-inch, 4th generation) wide-angle camera (JPEG+HEIC)
  • Apple iPad Pro (12.9-inch, 4th generation) main camera (DNG+JPEG+HEIC)
  • Apple iPad Pro (12.9-inch, 4th generation) front camera (JPEG+HEIC)
  • Apple iPod Touch back camera (JPEG)
  • Huawei P40 Pro front camera (JPEG)
  • Huawei P40 Pro rear main camera (DNG+JPEG)
  • Huawei P40 Pro rear telephoto camera (DNG+JPEG)
  • Huawei P40 Pro rear wide camera (DNG+JPEG)

මෙම lens correction profiles Adobe Photoshop Express සහ Lightroom apps සඳහා ද සහය දක්වන අතර ඔබගේ දුරකථනයට අදාල lens correction profiles එක adobe සමාගම විසින් නිකුත් කර තිබෙන්නේ දැයි සැකයක් ඇත්නම් පහත ඇති link එක හරහා ගොස් ඔබගේ දුරකථන මාදිලියත් ඒ අතර ති‍‍‍බේදැයි පරික්ෂා කර බැලිය හැක.

Supported lenses
Learn what lens profiles are supported with Adobe Photoshop, Lightroom, and Camera Raw and get tips for working with them effectively.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA - Developers වෙබ් අඩවිය සහ GizChina වෙබ් අඩවිය භාවිතා කළ හැක.